මහින්ද ණය අරන් ලංකාව අර්බුදයක පැටලුවා ! දැන් එයාගේ ගෝලයෝ මිගමුවටත් ඒ ටික කරන්න පටන් අරන් !

0
87

MR(10.50 pm ) මිගමුව මහනගර සභාව දැවැන්ත ණය අර්බුදයක පටලමින් ව්‍යාපෘති කිපයක් දියත් කිරිමට නිමල් ලංසා විසින් දැනටමත් කටයුතු කරමින් සිටින බව සැලය.
මේ සදහා වන රුපියල් මිලියන 800 කට ආසන්න ණය මුදලක් මේ ව්‍යාපෘති 2 කක් වෙනුවෙන් අනුමත වි ඇති බවද වාර්ථා වේ.
ඇස්තමේන්තු ගත මුදලින් ණය ලැබෙන්නේ 80 % ක් පමණි. ඉතිරි 20 % නගර සභාව විසින් යෙදිය යුතුය. ඒ අනුව ලක්ෂ 160 ක් මේ වෙනුවෙන් නගර සභාව සොයාගත යුතුව තිබේ.
එමෙන්ම මෙම ණය මුදල පියවිම සදහා මාසිකව දළ වශයෙන් ලක්ෂ 90 ක් පමණ ගෙවිමටද සිදුවේ.
එනම් වසරකදි ලක්ෂ 1080ක් ණය ගෙවිමට වෙන් කළ යුතුව තිබේ.
මේ සියල්ල කළ යුතුව තිබෙන්නේ මිගමුව මහනගර සභාව විසින් දැනටමත් ගෙන ඇති අනෙකුත් ණය ගෙවමින් සිටින අතරතුරේදිමය.
පුස්තකාලය වෙනුවෙන් ගත් ණය සහ තවත් පැරණි  ණය ගණනාවක් වෙනුවෙන් ද මාසිකව ණය වාරික ගෙවිය යුතුව තිබේ.
මේ පසුබිම තුල මහනගර සභාවේ තවත් නිළධාරින් දැන් අර්බුදයකට ගමන් කරමින් සිටිති.. මේ පිඩනයන් ඔරොත්තු නොදුන් නිසා ඉජිනේරුවරයා මහනගර සභාවෙන් සමුගෙන ඇත්තේ දැඩි මානසික පිඩනයක්ද සමගින්ය.
ඒ ඔවුන් මේ ණයකන්දරාවන් නිසා පැමිණිමට නියමිත මුල්‍ය අර්බුදය නිසි ලෙසින්ම දන්නා නිසාය.මේ අනුව මහනගර සභාවේ ගණකාධිකාරිවරයාද ලගදිම මිගමුව මහනගර සභාවෙන් සමුගැනිමට නියමිත බවද වාර්ථා වේ.
මහින්ද රාජපක්ෂ විසින් රට ණයඋගුලක පැටලිම නිසා අද එයට වන්දිගෙවිමට මුලු රටේම ජනයාට සිදුව තිබේ.බඩු මිළ වැඩිකිරිම් ඉන්ධන මිළ වැඩිකිරිම් සහ අනෙකුත් බදු වැඩිකිරිම් සියල්ල දැන් ජනයාට දරාගැනිමට සිදුව ඇත්තේ රාජපක්ෂලා මේ රට ණය උගුලක සිරකළ නිසාවෙනි.
දැන් මිගමුවට සිදුවන්නේ ද ඒ ඉරණමම බව අද අද මෙහි සටහන් තබන්නෙමු.