මහින්ද දේශප්‍රියට නොතීසි

0
70

Mahinda-Deshapriya-e1375338496657

පළාත් පාලන සීමානිර්ණ ගැසට් නිවේදනට එරෙහිව අඹගමුව ප්‍රදේශීය සභාවේ හිටපු නිදහස් සන්ධාන මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා ගොනුකල මූළික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සැලකිල්ලට ගත් අවස්ථාවේදී ලබන ජනවාරි 8 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත නොතීසි නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

හෙලප්‍රිය නන්දරාජා මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ නව මැතිවරණ සීමා නිර්ණයන් යටතේ අඹගමුව ප්‍රදේශීය සභාව කොටස් තුනකට කැඩී ඇත් බවත්,ශ්‍රී පාදස්ථානය වෙනත් ප්‍රදේශීයබල ප්‍රදේශයකට අයත්වීමෙන් ආගමික සහජීවනයට බාධා වන බවත්, තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් පවසමිනි.

පෙත්සමේ අඩංගු කරුණු සම්බන්දයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් කරුණු විමසීමට අවශ්‍ය බැවින් මහින්ද දේශප්‍රිය මහතාට මෙලෙස නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා තීරණය කර ඇත.