මහින්ද නොදුන් ”වත්තල” මෛත්‍රි ලංසාට දුන්නේ ඇයි ?

0
98

my31වරක් විශේෂ පොලිස් කාර්ය බලකායේ සෙබළුන් 100 ක් පමණ බස්නාහිර පලාත් සභා ඇමති නිමල් ලංසා ඇතුළු ඔහුගේ සමිපතම ව්‍යාපාරික මිතුරන්ගේ නිවෙස් පරක්ෂාවට ලක්කළ සිදුවිම රටපුරා මහත් ආන්දෝලනයක් ජනිත කර තිබුණි.
එහෙත් පසු දින මුළු රටම නොසිතු තව්ත් දෙයක් සිදුවිය.එනම් රටේ ජනාධිපතිවරයා විසින් විශේෂ හෙලිකොප්ටරයකින් ඇමති ලංසාව බැහැදැකිමට ගොස් ඔහු බදාගෙන සිප වැළද සනසවා ලිමයි.
එම සිදුවිමෙන් පසු ඇමති ලංසාට සමිපතම ආරාංචි මාර්ග දක්වා තිබුනේ ජනාධිපතිවරායා යෙදි ඇති විදෙස් ගමනකින් පසුව මීගමුවේ සංවිධායකධුරය ඇමති ලංසා වෙත පිරිනමන බවය.
එමෙන්ම ඇතමුන් කියා සිටියේ ඔහුට වත්තල ලැබෙන බවය.
එහෙත් මොනයම් හෝ හේතුවක් නිසා මහින්ද රාජපක්ෂ විසින් ඇමති ලංසාට කිසිදු සංවිධායකධුරයක් ලබාදුන්නේ නැත.
මේ නිසාම පසුගිය පළාත් සභා මැතිවරණයට කිසිදු තනතුරක් නැතිව තරගකිරි ලැජ්ජාවක් සේ සැලකු නිසා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක යැයි නමට පමණක් වු තනතුරක් ඇමති ලංසා වෙත පක්ෂය විසින් ලබාදුණි.
ඔහු එයට දුන් ප්‍රචාරය අනුව රටේ බහුතරයක් කල්පනා කළේ මුළු ගම්පහ දිස්ත්‍රික්කයට සංවිධායකයා ලෙසින් ලංසාව පත් කර ඇති බවය. එහෙත් එය නමය පමණක් තනතුරක් විය.
කෙසේ වෙතත් මහින්ද විසින් ලබානොදුන් ආසන සංවිධායකධුරයක් දැන් මෛත්‍රිපාල ජනපති විසින් ඇමති ලංසාට ලබාදි තිබේ.
අප මෙය කියවා ගන්නේ කෙසේද?
අප මුලින්ම හෙළිකළ පරිද්දෙන් ඇමති නිමල් ලංසා රාජිත සේනාරත්න ඇමතිවරයා මගින් කෙසේ හෝ සම්බන්ධයක් මෛත්‍රි සමගින් ඇතිකරගෙන තිබුණි.
ඒ සියල්න එසේ තිබියදි පසුගිය 16 වෙනිදා තංගල්ලට ගොස් හිටපු ජනපතිට අවුරුදු කියන්නට ලංසා අමතක කළේ නැත.එපමණ් නොව ඔහුගේ කප්රුක වු බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි වෙලේ ඇතැම් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් බැන වදිද්දි පවා ලංසා සිය කාන්තා බලඇණියත් සමගින් ගුවන් තොටට ගොස් තිබුණි.
එහෙත් අප වාර්ථා කළේ ඒ ගමන එහෙම පිටින්ම මෛත්‍රිපාල  ජනපතිගේ අවසරය මත සිදුවුවක් බවය.
මේ පසුබිම තුල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් තුරුම්පු එකින් එක අදින්නට පටන් ගෙන ඇති බවකි.
පසුගියදා පාර්ලිමේන්තුව තුල පැවැති සංදර්ශනයට දැන් නිසි පිළිතුරු දෙන්නට පටන් ගෙන ඇතිවා සේය.
බහුතරයක් ජනයාගේ බරපතල විවේචනයකට පත් වු ලංසාගේ මෙම පත්විම තේරුම්ගතහැකි වන්නේ ඒ හා බැදුන මහා සැලැස්ම මත තබාය.
ඒ මහින්දගේ කබ්බන්ට තවත් ෆෝම් විමට දැන් ඉඩක් ලැබෙයිද ?