මහින්ද පිළේ මීගමුවේ අනුග්‍රාහකයා යහපාලන ඇමති නිමල් ලංසාද ?

0
66

sarath and nimalnewමහින්ද පිළේ රැස්විමක් අද සවස මිනුවන්ගොඩදි පැවැති ඇත්තේ බස්නාහිර පළාත් හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ රැස්විම සදහා මීගමුව නියෝජනය කරමින් ගොස් සිටි ප්‍රධානින් වන්නේ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර ,හිටපු නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා ,සහ මීගමුව හිටපු නගරාධිපතිවරයෙකු වන හර්මන් කුරේරා මහතාය.
මෙම රැස්විම සදහා සෙනග සංවිධානය කිරිම සිදුකර තිබුනේ යහපාලන රජයෙන් පඩිගන්නා ඇමති ලංසාගේ නිළධාරියෙකු විසිනි.
රැස්විම සදහා සෙනග රැගත් බස් රථය පිටත්වි ඇත්තේ යහපාලන ඇමති නිමල් ලංසාගේ වැල්ලිවිදිය කාර්යාලය ඉදිරිපිටිනි.
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා උසාවි ගිය පළමු දිනයේදි ඔහුගේ තනියට පැමිණ සිටි ප්‍රධාන තැනැත්තා වුයේද යහපාලන ඇමති නිමල් ලංසාය.nimala matara 4
සරත් ගුණරත්න යනු මහින්ද පිළෙන් මීගමුවට පත්කරන්නට නියමිතව ඇති සංවිධායකවරයා.
ඔහුගේ සුවදුක් විමසිම සදහා අද බන්ධනාගාරයට පැමිණ සිටි නාමල් රාජපක්ෂ කියා ඇත්තේ යහපාලන රජයට ඇත්තේ රාජපක්ෂ භිතිකාවක් බවය.
එහෙත් නාමල් කියන්නට අමතක වු කරුණ වන්නේ ඇමති නිමල් ලංසා හැර යහපාලන ආණ්ඩුවට යනුවෙනි.
මන්ද මීගමුව තුල අද මහින්ද පිළ බලා කියා ගන්නා ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත්ව ඇත්තේ යහපාලන ඇමති නිමල් ලංසා සහ ඔහුගේ පවුලේ අයවලුන්ය.
ඇමති නිමල් ලංසාගේ පියාවන පිලේන්ද්‍රන් ලංසාද ඊයේ සරත් ගුණරත්න මහතාගේ සුවදුක් විමසිම සදහා රක්ෂිත බන්ධනාගාරයට ගොස් තිබුන බව සැලය.
රක්ෂිත බන්ධනාගාරය තුල ඔහු වෙනුවෙන් සකස් කරන්නට යෙදුන සියළු පහසුකම් සදහා අවශ්‍ය කටයුතු ඇතැම් ව්‍යපාරිකයන් ලවා සපයා ලන්නටද මුල්ව කටයුතු කර ඇත්තේ යහපාලන ඇමති නිමල් ලංසා විසිනි.
ඇමති නිමල් ලංසාට ඇවැසි වන්නේ තම පවුලේ ව්‍යාපාරික කටයුතු ටික ආරක්ෂා කර ගැනිම සදහා වන දේශපාලනයක් මිස ජනතාවට සේවය කිරිමට හෝ පක්ෂයකට සේවය කිරිම නොවේ.
මෙය වඩාත් පැහැදිලි වන්නේ සිය මළණුවන්ව ශ්‍රිලනිපයට යවා මෛත්‍රි පිළෙන් නාම යෝජනා ලබාගැනිම සදහා උත්සයක යෙදි සිටිමය.එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගෙන ඒ පැත්තෙන් අවස්ථාවක් ලබාගැනිමට පවා පසුගිය කාලය තුල පැවැති උත්සාහය දැන් ප්‍රසිද්ධ රහසකි.