මහින්ද පිළේ හිටපු දයාන් මෛත්‍රි පිළට පැනිමේ සුදානමක් ?

0
202

ayan-may-day-4mrලංසා පවුල යනු අද වන මීගමුව දේශපාලන කරලිය තුල දේශපාලනිකව නන්තරාවෙන්නට පටන්ගෙන ඇති පිරිසකි.
එමෙන්ම ඔවුන්ට දේශාපාලනය යනු අංක 2 කට වැටෙන කාරණයක් වුවද සැම විට ඔවුන් විසින් අංක 1 ලබාදි තිබුනේ සිය මාෆියා ගණයේ කළු සල්ලි ව්‍යාපාරයන් වෙනුවෙනි.
ඒ වෙනුවෙන් දේශපාලනය වෙනස් කරගැනිම ඒ පවුලේ සියල්ලේ ජිවන විලාසිතාව තිබේ.
මහින්ද රාජපක්ෂ දිනවිම සදහා කෝටි ගණන් මුදල් වැය කරමින් දේශපාලනය කළ නිමල් ලංසා මහින්ද පරාජයෙන් සතියක් යන්නටත් මත්තෙන් මෛත්‍රි පිළට හේත්තු වි ඇමතිකමක්ද ලබාගත්තේය.
ඒ ලංසලාගේ දේශපාලනයේ හැටිය.
මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය හිස්වු විට කෙසේ හෝ මෛත්‍රිපාල ජනාධිපතිවරයා ලවා එය සිය මළණුවන් වන දයාන් වෙත ලබාගන්නට ඇමති නිමල් ලංසා කටයුතු කළේය.
ඒ සියල්ල එසේ වෙද්දි සිය දේශපාලන රාජා වු බැසිල් රාජපක්ෂ හා නිරන්තර ගණුදෙනුවක ප්‍රසිද්ධියේම පවත්වාගෙන යන්නටද ඇමති නිමල් ලංසා කිසිවිටකත් පසුබට වුයේ නැත.
එමෙන්ම මහින්ද පිලේ වෙනම දේශපාලන බලවේගයක් ලෙසින් පෙළ ගැසෙද්දි ඒ සදහා කෙසේ හෝ සිය මලයාව රිංගවා ගන්නටද ඔහු සියුම් ලෙසින් සැලසුම් සකස් කළේය.
මෙහි ප්‍රථිපලයක් ලෙසින් 2016 පැවැති මැයි දිනයේදි මීගමුව නියෝජ්‍ය නගරාධිපති ලෙස දයාන් ලංසා ගියේ මහින්ද පාර්ශවයේ මැයි දින පෙළපාලියේය.
අයියා මෛත්‍රිගේ මැයි දින පෙළපාලියටත් මල්ලි මහින්ද පෙළපාලියටත් ලෙසින් ඔවුන් සිය සැලැස්ම ක්‍රියාත්මක කරගෙන යමින් සිටියෝය.
මේ ඩීල් දේශපාලනය මෙසේ දිගහැරෙමින් තිබියදි මෛත්‍රි පාර්ශවයද මෙය ඉතා නිවරදිව කියවාගනිමින් කල් යල් බලා නිසි ප්‍රතිචාර දක්වන්නට පටන් ගති.
ඒ පළමු වෙඩිමුරය වුයේ මීගමුව ප්‍රදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිකමින් ඇමති නිමල් ලංසා ඉවත් කොට වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්කිරිමය.
දෙවන ප්‍රතිචාරය වුයේ ඇමති ලංසා විසින් ඉල්ලා සිටියදිම ඔහුට හෝ ඔහුගේ මළනුවන් හට මීගමුවේ ශ්‍රිලනිප ආසන සංවිධායක කම ලබානොදි ලංසා පාර්ශවයට කිසිදු සම්බන්ධයක් නැති අයෙකු වෙත ජනාධිපති මෛත්‍රිපාල විසින් ලබාදි තිබුණි.
මේ සියලු වර්ධනයන් හමුවේ දේශපාලනිත නන්තාර වන්නට පටන්ගත් ලංසා පවුල යළිත් අංශක 180 හැරවුමක් ලකුණු කොට තබමින් මහින්ද පිළට ආ වැඩු සිය මලයාව යළිත් මෛත්‍රි පිළට හේත්තු කිරිම සදහා දැන් ක්‍රියාත්මක වන්නට පටන්ගෙන තිබේ.
ඒ අනුව  මේ දිනවල දයාන් ලංසා විසින් ශ්‍රිලනිප 65 වන සංවත්සරය සදහා මීගමුවෙන් සෙනග ගෙන යාම සදහා ක්‍රියාත්මක වන්නට පටන්ගෙන තිබේ.
ඇමති නිමල් ලංසා කාන්තා කණ්ඩායම් වෙත දැන් දයාන් කියන්නට පටන්ගෙන ඇත්තේ එක් කණ්ඩායමකින් 10 දෙනෙකු එවන ලෙසය.
පසුගිය මැයි මාසයේදි මහින්දගේ කොඩිය අරන් පෙළපාලි ගිය දයාන් ලංසා සැප්තැම්බර්යේදි යළිත් මෛත්‍රිගේ කොඩිය මේ අනුව අතට ගැනිමට නියමිතව තිබේ.
මේ සියළු ඩිල් පිල් පැනිම් කරනු ලබන්නේ සිය තාත්තාගේ කළු සල්ලි ව්‍යාපෘති වෙනුවෙනු අවැසි රැකවරණය ලබාගන්නටත් ඇමති නිමල් ලංසාගේ රාජ්‍ය දේපල අවභාවිතාව හේතුකොටගෙන යකඩ කුරු ගනින්නට සිදුවන දිනය කල් දමා ගන්නටත්ය.

මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පහර දුන් දයාන්ගේ ගෝලයා තුෂාන් නාමල් සමග පාද යත්‍රාවේ