”මහින්ද රාජපක්ෂ කුණු බක්කියට වැටුනට අපිට කරන්න දෙයක් නෑ-රනිල් මීගමුවේදි කියයි

0
65

10මිගමුවේ පැවති එජාප රැළියේදී අග‍මැති  රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අමතා කළ කතාව.
……මහින්ද රාජපක්ෂ ජනාධිපති හැටියට අවුරුදු 10 තිස්සේ ඉන්න ගමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඡන්ද ලක්ෂ 58 ක් අරගෙන පරාජය වුණා.
ඊට මාස 06 පස්සේ මහා මැතිවරණයට මන්ත්‍රිකමට තරග කරන්න ඉදිරිපත් වෙන මහින්ද රාජපක්ෂ කල්පනා කරනවා, අර ජනාධිපති හැටියට තරග කරන කොට තිබ්බා ඡන්ද ලක්ෂ 58 තාම ඒ විදිහට තියෙනවා යි කියලා.
එක ප්‍රධාන ඡන්දෙන් පැරදුන පක්ෂයකට ඊළඟට එන ඡන්දේ හොම්බෙන් යන්න වෙනවා. එක  ලංකාවේ  මැතිවරණ මෝස්තරය, 1988 දෙසැම්බර් මාසේ ප්‍රේමදාස ජනාදිපතිතුමා දින්නේ ලක්ෂ දෙකහමාරකින්, ඒත් 1989 මහා මැතිවරණයේ දි ශ්‍රි .ල.නි.ප. හම්බුනේ 22යි.
1994 මහා මැතිවරණයේ අපි පැරදිලා  චන්ද්‍රිකා අගමැති වුණේ එකම ඡන්දෙකින්, ඒත් 94 නොවැම්බර් මාසේ ජනාධිපතිවරණයේ දි අපිට ඉතුරු වුනේ මහියංගන ආසනය විතරයි කියලා මම මතක් කරන්න කැමතියි.
ඉතින් අපි පසුගිය ජනාධිපතිවරණයේදි බලයට පත් කරේ ජනාධිපතිවරයෙක් විතරක් නෙමේ. අලූත් ආණ්ඩුවකුත් පත් කළා.
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුවහොත් පාර්ලිමෙන්තුවේ විපක්ෂනායක වන මම අගමැති හැටියට පත් වෙන බවත් සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කරන බවත් පොරොන්දු වුනා. එතනිින් ඒ අනුව අපි ඉල්ලපු වරම ජනතාව අපිට දුන්නා.දින 100 වැඩපිළිිවෙලේ අංක 01 ජනාධිපති හැටියට. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිවුරුම් දීමයි. දින 100 වැඩපිළිිවෙලේ අංක 02 වුනේ අගමැති හැටියට  දිවුරුම් දෙන එකයි. අංක 03 වුනේ සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කරන එකයි. ඒ අනුව අවුරුදු 10 ක් බලයේ ඉදලා එපා වෙලා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවලා. අලූත් ජනාධිපතිවරයෙක්. අලූත් අගමැතිවරයෙක්,අලූත් ආණ්ඩුවක් මේ රටේ ජනතාව පත් කළා.
මහින්ද රජපක්ෂ කුණු බක්කියට වැටුනට අපිට කරන්න දෙයක් නෑ. ඔහු කුණු බක්කියට දැම්මේ මේ රට, අපේ රට, අපේ ජනතාව….රටයි ජනතාවයි ගොඩ ගැනීමයි අපේ එකම අරමුණ කියලා මම කියන්න කැමතියි.
ඒ අරමුණින් අපි අදත් වෙනස් වෙන්නේ නෑ.ඉතින් ඊට අවශ්‍ය මුලික පියවර තමයි දවස් 100 වැඩසටහන. අපි වරමක් අරගත්තා. මෛත්‍රිපාල සිරිසෙන මැතිතුමා ජනාධිපති වුනාම අපි දවස් 100 වැඩසටහන තියෙන පාර්ලිමේන්තුව එක්ක ක්‍රියාත්මක කරනවා කියලා.එක ක්‍රියාත්මක කරලා, ඒ පසුබිම හදලා තමයි සිංහල අවුරුදු එනකොට ඔයාලගේ අතේ මුදල් තිබුණා එහෙම තමයි අපි දැන් දවස් 100 වැඩසටහන අවසන් කළේ. ඉන් පස්සේ තමා මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි ඒ නිසා ඊලඟ අවුරුදු 05 අලූත් පාර්ලිමේන්තුවක් පත් කරලා, අලූත් ආණ්ඩුවක් ගෙනියන්න අපේ සැලැස්ම ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා, මාස 60 න් අලූත් රටක් කියලා….ඒ පංචවිධ වැඩසටහනේ වැදගත් අංශ 05 තියෙනවා.
01 තමයි ආර්ථිකය.
ඔබේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආදායම්,පඩි ආදායම් සියල්ලම දෙගුණයක් කරන්න.ඒ වගේම මේ රටේ තරුණ තරුණියන් සඳහා ඊලග
අවුරුදු 05 දී අලූත් රැකියා ලක්ෂ 10 ක් ඇති කරනවා කියලා මම කියන්න කැමතියිි.ඒක කරන්න විදේශ ආයෝජකයන්  ඕනෑ.මේ කටුනායක බියගම කළා වගේ විශාල වශයෙන් විදේශ ආයෝජකයන් මෙරටට ගෙනල්ලා කර්මාන්තශාලා, හෝටල්, පරිඝනක සේවා ව්‍යාපාර ආරම්හ කරලයි රැුකියා ලබාදෙන්නේ කියලා මම කියන්න කැමතියි. අන්න එහෙම අවස්ථාවක අපි විශේෂයෙන් ආර්ථික සංවර්ධන අධි කලාප අති කරනවා.දැන් කටුනායක තමා අපි ආරම්භ කළේ. ඒ වගේම අපි දිවුලපිටිය, දඹදෙනිය,කටුගම්පොල, කුලියාපිටිය එකතු කරලා එකේ, ආර්ථික සංවර්ධන අධි කලාපයක් හදලා ආයෝජන කලාප 05 ක් එතන දානවා කියලා මම කියන්න කැමතියිි. එහෙනම්
රැුකියා කර්මාන්තශාලා ඇතිවෙලා,රැුකියා වැඩිවෙනවා.
මෙතන ජනතාව දන්නවා හැම එක්කෙනාම සෘජුව රැුකියා කරන්නේ නෑ. ඒත් ස්ථීර ආදායම් මාර්ග ගණනාවක් ඇති කරගන්න යනවා.අනික් අතට අපි ධීවර කර්මාන්තය දියුණු කරන්න, මේ ධීවර වරාය ඉදන් අපිට තියෙන, අපිට උවමනා වෙලා තියෙන අපනයන ධීවර කර්මාන්තයක් ආරම්භ කරන්න. ඒ නිසා මෙහේ ධීවරයන් සඳහා උවමනා පහසුකම් දීලා, ශීතකරණ වාහන දීලා හැතැක්ම කීපයක් තියෙන කටුනායකට එවලා කටුනායක ඉදන් ජපානයට , චීනයට, සින්ගප්පූරුවට, ඩුබායි, යුරෝපයට, අපේ ධීවර නිෂ්පාදන යවන්න වැඩසටහනක් තමයි අපි ක‍්‍රියාත්මක කරන්නෙ කියලා මම කියන්න කැමතියි.කෙලින්ම ඒ වෙළදපොලේ මිල ඔබේ සාක්කුවට දාගන්න. එච්ච්රයි අපිට කරන්න  ඕනා, ඔබේ ආදායම වැඩි කරන්න. රුකියා කරනවා, ඒ වගේම සංචාරක කර්මාන්තය දියුණු වුනාම මෙහෙට එන සංචාරකයෝ වැඩි වෙනවා.හොටෙල් සංඛ්‍යාව වැඩි වෙනවා. මේ ප‍්‍රදේශය දියුණු වෙනවා. අන්න ඒ අනුව තමා මේ ප්‍රදේශයේරැකියා වැඩි කරන්නේ.
මම විශේෂයෙන් කියන්න කැමතියිිි ආණ්ඩුවේ ඉඩම් වල නීත්‍යානූකූලව අවුරුදු 10 කට වඩා පදිංචි වෙලා ඉන්න සියලූම දෙනාට අවුරුද්දක් යන්න ඉස්සර අපි සින්නක්කර අයිතිය ලබලා දෙනවා කියලා කියනවා.
අපේ ලොකුම වැඩසටහන තමා. මුළු බස්නාහිර පළාතම විශාල නාගරික ප‍්‍රදේශයක් බවට පත් කරනවා.ලක්ෂ 80 ඉන්න ඉන්දියන් සාගරය මැද විශාලම නගරය බවට පත් කරන්න.
චෙන්නයි වලට වඩා විශාල නගරයක් ඇති කරලා ජලය,  වැසිකිලි පහසුකම් සියල්ලම ලබා දීලා ඒ වගේම අපි ඇති කරන නිවාස,තට්ටු නිවාස, ලක්ෂ 05 කොටසක් මීගමුවට ලබා දෙනවා. අපේ මධ්‍යම පාන්තිකයන්ටත්, වැඩ කරන ජනතාවටත් ලෙසි ගෙවීම් ක‍්‍රමයක් අනුව කියලා මම කියන්න කැමතියි. අන්න එහෙම තමා මේ දියුණුව ගෙනියන්නේ. අපිට  ඕනා මේක නව නගරයක් කරන්න.එක කරනකොට අපේ තරුණයන් බලා ඉන්නවා රකියා විතරක් නෙමේ සල්ලිත් තියෙන නිසා සිනමාහල් අපි දෙන්නම් තමන්ගේ විනෝදාස්වාදයට.අලූත් රටක් මේ ඇති කරන්නේ. දුෂණය නැති කරන්න, නීති හදන්න, ප්‍රජාන්ත්‍රවාදය ස්ථාපිත කරන්න,ඔබ සියලූ දෙනාට අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරලා ඒ අවස්ථාව ලබා දෙන්නයි මේ වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නේ කියලා කියන්න කැමතියි.
මහින්ද රාජපක්ෂලාට එකක් අමතක වුනා.මේ ඡුන්දය ඇත්තටම අලූත් ආණ්ඩුවක් පත් කරනවට වඩා දැන් තියෙන පාර්ලිමේන්තුව සුද්ද කරන චන්දයක්…අර කුඩු කාරයෝ,හොරු,ස්තී දුෂකයෝ,එතනෝල් කාරයෝ,බලයට කෑදර නෑදෑයෝ,ජාති වාදී,පවුල් වාදීන්,ගෙදර යවලා හොදට සුද්ද කරලා දාන ඡුන්දයක් කියලා කියන්න මම කැමතියි.ඉතින් තමන්ගේ අනාගතය ස්ථිර කරන වැඩපිලිවෙලක් අපි හදලා තියෙනවා.ඒ වැඩසටහන අනුමත කරන්න කියලා මම කියන්නේ.විශේෂයෙන්ම ගම්පහ දිස්ත‍්‍රික්කය ඒ.ජා.ප. යට උඩින්ම දිනවල දෙන්න.අපි මෙතනට එන්නේ එක පෙරමුණක් හැටියට. මේ සියලූම දෙනාටම අගෝස්තු 17 වෙනිදා අලියා ලගින් කතිරය ගහලා මීගමුවෙන් එන චන්ද සංඛ්‍යාව තව වැඩි කරන්න.