මෙම නිවස මීට පෙ අවස්ථා දෙකකදී මංකොල්ල කා ඇති බව එම කාන්තාව පවසා ඇත. 2010 වසරේ සහ 2013 වසර වලදී තම නිවසට සොරුන් කඩා පැන පවුම් 13ක් ලැප්ටොප් එකක් ,කැමරාවක් හා මුදලින් රු 27000ක් සොරා ගත් බවත් මේ වනතෙක් ඒ කිසිවක් නැවත නොලැබුණ බවත් ඇය පවසා තිබේ. එමෙන්ම එලෙස එම නිවස මංකොල්ල කා ඇති සොරුන් මේ වනතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසියටද නොහැකි වී තිබේ. මේ ආකාරයට ගත් කළ මීගමුවේ සොරකම් වැඩිවීමේ දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. පසුගිය වසර වලදී මීගමුව නගරයේ ව්‍යාපාර ස්ථාන රාශියක් මහ දවල් මෙන්ම රාත්‍රිෙය්දී මංකොල්ල කන ලදී. නමුත් මේ වනතෙක් මෙයට විසඳුමක් ලබා දෙන්නට ආරක්ෂක අංශවලට හා නීතිය බාරව සිටින බලධාරීන් සමත් වී නොමැත.