මහ ව්‍යසනය මැද බොරුවලට තටු ලැබෙයි! අවදියෙන් සිටින්න!

0
119

gossip(12.40 am ) මීගමු  නගරය  අද දින ඊයේට වඩා  සාමාන්‍ය   තත්වයට  හැරී  තිබුනු  බවක්  පෙනෙන්නට  තිබින.  නමුත්  මෙකී  සාමාන්‍ය  තත්වය  පරයා  අතරින්  පතර  විවිධ   සාවද්‍ය   තොරතුරු  නගරය  තුල  තටු ලබා  ඉගිලෙනු  පෙනිනි.
උදේ  10.00   පමණ සිට  මීගමුව  කොප්පරා  හංදියේ  පැය  දෙක තුනක  කාලයක  සිට  ත්‍රීවිලයක්  නවතා  ඇති බවට  ලැබුනු  තොරතුරකි.
තවත්  අවස්ථාවක  මීගමුව  නුගවෙල  හංදියේ  සමගි මාවතේ  ස්ථානයක  තිබී  හමුවූ  බෝම්බයක්  හමුදාව  විසින්  පුපුරුවා  හැරිය  බවට  ලැබුනු  ආරංචියකි.
තවත්  අවස්ථාවක  මීගමුව  ශාන්ත පීතර  මහ විද්‍යාලයට  ආසන්නයේ  පාර්සලයක්  හමුවූ  බවට  ලැබුනු  තොරතුරකි.  තවත්  අවස්ථාවක මීගමුව  නගරයේ  ප්‍රධාන  වතුර  ටැංකියට  වසා දමා ඇතැයි  කියමින්  වටේ  යන  කට කථාවකි.
මෙම බියවීම් වලට හේතුවී වී ඇත්තේ මේ දිනවල ආරක්ෂාව ගැන කවුරුත් විමසිලිමත්වීමද හේතුකොටගෙනමය.
ඒ නිසා ම කිසිවෙකුට තම වාහනය  තිඛෙන තැනට ඉක්මීනන් ඒමට බැරිවීම, කිසියම් පුද්ගලයෙකුට ගම ගමන් මල්ල හෝ පර්සලයක් තැනෙක තබා අමතක කර යෑමට සිදුවීම , තවත් පුද්ගලයෙකුට බෝම්බ බියක්  ජනිත කරවන්නට තරම් කාරණාය.
දැනට දින දෙකකට පෙර  කටුවපිටිය දේවස්ථානයේ සිදුවීම වාර්තා කරන්නට ගිය විරකේසරි හා සිරස මාධ්‍යවේදීයාගේ යතුරු පැදිය අසල නිවසක ඔහු නවතා තබා ගොස් තිබුණේ එහි නිවැසියන්ටද නිසි පරිදි දැනුම් දීය.
එහෙත් ඔහු පැය ගණනකට පසු පල්ලියෙන් එලියට පැමිණ සිය යතුරු පැදිය නවතා තිබූ ස්ථානයට පැමිණෙන විට  පිරිසක් එකතු වී මෙම යතුරු පැදිය කාගේ දැයි විමසින් එහි උපාංගද ගලවන්නට පටන් ගෙනය.
ඒ තරමට ජනතාව තුළ බෝම්බ භීතිය අරක්ගෙනය. ්බ
එය සාධාරණය.
එහෙත්  සැකහැර දැනගැනීමට පෙර මෙය ප්‍රචාරය කිරීමෙන් වැලකිය යුතුය.
දැන් සිදුවන්නේ කඩේ පිලේ සිට අහගෙන ඉන්නා දේ – සුළු මොහොතකින් තවත් කනකට ප්‍රවෘත්තියක් වී ඉගිල්ලීමයි.එහි වඩාත් ඛේදජනක තත්වය නම් සිය මේවාට කටහඩ දෙන්නට සැදි පැහැදි සිටින මාධ්‍ය ආයතන රැස්කද පැවතිමය.
මේ අයට සැකකටයුතු පාර්සලයක් යතුරු පැදියක් බෝම්බයක් කිරිමට යන්නේ මින්තු ගණනකි.
.දෙවන  ලෝක  යුධ  සමයේ  හිට්ලර්ගේ  ආරක්ෂක  නිලධාරියා වූ  ගොඛෙල්  එවැනි  බොරු  ප්‍රචාර  යවමින්  මිනිස්සු  මුලාවට  පත්කළ  එක්  පුද්ගලයෙකි.
අ‍ප අතරද  එවැනි  ගොඛෙල්ස් ලා   ඕනෑ  තරම්  සිටින  බව  කිවයුතුය.
එසේම  සත්‍ය  සිදුවීම්ද  මේවා  අතර  සිදුවිය  හැකි බව අවබෝධ  කර ගතයුතුය.  නමුත්  නිසි  කල්පනාව  නොතිබුනහොත්  ඇත්ත  සහ  බොරුව  වටහා  ගැනීම  අපහසුවනු  ඇත.
ඒ  නිසා  නිතරම  මෙවැනි  අවස්ථාවක   මෙකී  බොරු  ප්‍රචාර වලට  නොරැවටී  අවධියෙන්  සිටීම  වැදගත්  කරුණක්  ලෙසට  සිහි  තබාගත යුතුය
මන්ද  මේවා  නිසා  පීඩාවට හා කාලය අපතේ යවා ගන්නේ  අහිංසක  ජනතාව  වන බැවිනි. එමෙන්ම අප කලබල වුවුහොත්  අප නොදැනුවත්වම  විවිධ අරමුණ වෙනුවෙන් බොරු ප්‍රචාරය කරන කාගේ හෝ ගොදුරක් වන්නට විමද අනිවාර්යක්ම වනු ඇත.


සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here