මළවුන් මිහිදන් කිරිමට ඉඩනොදෙන්න යැයි කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි.

0
65

පෙරියමුල්ල මිසමේ 80 වියැති කිතුණු බැතිමතියකගේ අවසන් කටයුතු සදහා පෙරියමුල්ල පිට්ටනිය නොදෙන්න යැයැ කියමින් එම මිසමේ පිරිසක් මීගමුවේ කිතුණු සභා නායකත්වය පසුගිය දිනක හමුවට ගොස් තිබුණි.එයට හේතුව ලෙසින් ඔවුන් පවසා ඇත්තේ මිය ගිය තැනැත්තිය කිතුණු සංකල්ප වලට පටහැනිව කටයුතු කර ඇති බවය.

එහෙත් මීගමුවේ සභා නායකත්වය විසින් මේ පැමිණිළිකරැවන් හට පවසා ඇත්තේ ක්‍රිස්තියාණි තැනැත්තියක ලෙසින් ඇයගේ භුමදානයට ඉඩ නොදි සිටිමට කතෝලික සභාවට නොහැකි බවය.

එහෙත් මේ කලබගෑනිය නිසා ඇගේ ඥාතින් පසුව ඇගේ භූමදාන කටයුතු පෙරියමුල්ල මඤ්ඤොක්කා හේන සුසාන භූමියේදි සිදුකර ඇත.

මිය ගිය තැනැත්තියකගේ මිහිදන් කටයුතු වලකා ලන්නට තරම් ගුණමකු වු මේ අයට ගමතුල මහත් ජනඅප්‍රසාදයක් මතුවෙමින් ඇති බව දැනගන්නට ඇත.