අතුරුදහන් වුවන්ගේ මාපිය දුදරු එකතුවේ මෙවර ඔක්තෝබර් 27 සැමරුමේ කටයුතු සංවිධානය කිරිම සදහා රද්දොළුව මංසන්ධියට ගිය අවස්ථාවේ දැකගන්නට ලැබුනේ ඇස් අදවා ගතනොහැකි දසුනකි.එනම් වසර 21 පුරා සිදුකල අතුරුදහන්වුවන් සමරා මලක් පුදන්නට තිබු ඉඩ අහිමි කරමින් එහි කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර තිබුණු අයුරුයි.මේ තිරිසන් වැඩේ සිදුකලේ කව්ද යන්න විමසා බැලිමේදි දැනගන්නට ලැබුනේ රද්දොළුව පල්ලියේ ප්‍රසාද් පෙරේරා යන කතෝලික පියතුමා විසින් මෙය සිදුකර ඇති බවය.මේ සම්බන්ධයෙන් අතුරුදහන් වුවන්ගේ මාපිය දුදරු එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අදාල පියතුමාගෙන් මේ සාදාචාර විරෝධි ක්‍රියාව සිදුකලේ ඇයිද යන්න විමසිමේදි පවසා තිබුනේ තමන්ගේ දායක සභාව විසින් මේ විරුත්වය දක්වා ඇති බවය.කෙසේ වෙතත් එතකින් නොනැවතුන පියතුමා මේ කාරණයට ආලව පොලිසියද කැදවා පැමිණිල්ලක් සිදු කර තිබුණි.මේ නොහොබිනා ක්‍රියාව ගැන විරෝධය පළ කරමින් ආසියානු මානව හිමිකම් කොමිසම පුවත් පත් නිවේදනයක් නිකුත් කර ඇත.