දැනටමත් මේ නඩුව සදහා දෙමව්පියන් 30 දෙනෙකු පමණ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් නඩුවට සහභාගි වි ඇති අතර තමන්ගේ දරුවන් සහ ඥාතින් මේ සමුහ මිනිවලේ සිටිතැයි විශ්වාස කරමින් මේ නඩුවට සම්බන්ධ විම සදහා තවත් දෙම්ව්පියන් පිරිසක් 2013 ජුලි 20 වනදා මාතලේදි දිවුරුම් ප්‍රකාශ සදහා අත්සන් කිරිමේ වැඩ සටහනක් සංවිධානය කර තිබුණි .මෙම නිතිමය මැදිහත්විම සම්බන්ධිකරණය අතුරුදහන් වුවන් පවුල් එකතුව විසින් සිදුකර තිබුණි.