


මිගමුව දූව ග්‍රාමයේ මෝරවල කියන සුන්දම ප්‍රදේශයේ තමන්ගේ කියපු නිවසක් තිබුන සුජිත්ලා ගේ පවුලට අද මහපාරට බහින්න වෙලා ..
හේතුව පෝට් සිටි ව්‍යපෘතිය හින්ද බටහිර වගේම වයඹ වෙරළ තිරයේත් මුහුදු ඛාදනය අද වැඩි වෙලා..
2019 මිගමුවේ මෝරවල සමිපයේ තිබුන කුඩා පැල්පත් කිපයක්ම මේ දරුණු මුහුදු ඛාදනය හින්ද විනාශ වෙලා ගියා .


දරුවෝ 4 ක් එක්ක තමන්ගේම කියපු කුඩා නිවසක ජිවත්වුන සුජිත්ලා ඒ ගෙදර ඉන්න එක අවදානම් කියල දැනුම් දිලා තිබුනේ වෙරළ සංරක්ෂණේ අය .
එයාලට ජිවත් වෙන්න තැනක් හොයල දෙනව කියලත් මේ අය කියල තිබුණා.
මුහුදු රළ වැඩිවෙලා කොයිවෙලාවේ හරි සුජිත්ලාගේ ගේත් මුහුදට යයි කියල තිබුන බය හින්ද සුජිත් දරුපවුලත් එක්ක ඉන්න ස්ථිර තැනක් රජයෙන් දෙන කම් කියල ඥාතියෙකු නිවෙසේ පදිංචියට ගියා.
ඒ නිවෙස් හිමිඅය ඒ ගෙදර පදිංචියට ආපු හින්ද සුජිත්ලාට යනඑන්න තැනක් නැති වුණා. ඊට පස්සේ තමයි දූවේ කුඩා ගඟ කිට්ටුව පුංචි තැනක මේ කුඩාරම එයාල අටවගෙන තිබුනේ .

මේ පුංචි පැල අටවගෙන තියෙන තැන තමයි දූවේ ග්‍රාම නිළධාරි කාර්යාලත් පිහිටල තියෙන්නේ .
මේ තැන මෙයාලට ලබාදෙන්න ප්‍රාදේශිය ලේකම් කටයුතු කරමින් ඉන්න කොට ඒකට අකුල් හෙළපු ගමේ දෙන්නක් ගැන මෙයලා කියන්නේ ඇඩු කදුලෙන්.
මේ එක්කෙනෙක් තමයි සමිති ගණනාවක් අනුශාසකයෙක් වෙච්ච මහ බෝට්ටු හිමියන්ගේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානියෙක් වුන ජෝශප් පිටර් .සුජිත්ලා කියන විදියට ජෝශප් පිටර් තමයි ප්‍රාදේශිය ලේකම්ට කියල තියෙන්නේ මේ පැල අටවගෙන ඉන්න තැන දෙන්න බැ එතකොට ග්‍රාම සේවක කාර්යාලයට එන වාහන නවත්වගන්න ඉඩ නැතුව යනව කියල .
කොහොම හරි ඉඩම් දෙනවා කියල කිපපු බලධාරින් ඊට පස්සේ සුජිත්ලාගේ පවුල අතඇරල අසරණ කරනවා .
කඩොල් කපල මිනිස්සුන්ට අඩම් තේට්ටම් කරල මිනිස්සු බෝට්ටු වලින් පිටරටවල යවල චාටර් වුන තවත් කෙනෙක මේ සුජිත්ලා අටවගත්ත පැලට එරෙහිව පැමිණිලි දාල තිබුණ .
ඒකට නඩුවකුත් වැටුන .
දැන් බලධාරියෝ ඔක්කොම මේ පවුල අතහැරල අසරණ කරල.
පහුගිය දවසක පිස්කල් ඇවිත් තියෙනවා බැකෝ අරගෙන මේ පුංචි පැල කඩල දාන්න .
මේ පවුලේ දරුවෝ 4 ක් .


වැඩිමහල් දුව උසස් පෙළ කලා අංශයෙන් ඉගෙන ගන්නේ බෝලවලා ඉස්කෝලේ .
දෙවනි දුව දැන් 9 වෙනි පංතියේ .
පුංචිම දරුපැටියා අද හෙට මොන්ටිසෝරි යන වයසේ.
ඉතින් මේ දරු පවුලට වෙලා තියෙන ආසාධාණය ගැන වගක් නැති ජෝශප් පිටර්ලා වගේ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් හැමෝම කම්පා වෙනව
ගෑණු දරුවො දෙන්නෙක් තරුණ මවක් ..මේ පැල ඇතුලේ ඇදුමක් මාරු කරගන්න වත් තැනක් නෑ.
මේ හැමෝම යන්නේ අහල පහල ගෙවල් වල වැසිකිලිවලට .
නාගන්න මුණ හොදගන්නත් යන්න තියෙන්නේ අනුන්ගේ තැන් වලට..
මේ සේරම මැද්දේ ඉන්නේ මේ පවුලව මේ පැල කඩල මහපාරට දාන්න පිස්කල් හෙට අනින්දාම එය බැකෝ අරන්.
සුජිත්ලාට එයාලාෙග්ම ගේ අහිමිවුනේ පෝට්සිටියෙන් වෙරළ ඛාදනය වැඩි වෙච්ච හින්ද
මේකේ කතාවේ අනික් බේදවාචකය තමයි පෝට් සිටියේ චින ආධාර ලක්ෂ ගණන් දුූවේ සමිතිවලටත් ලැබිල තියෙනවා.
නමුත් පෝට් සිටිය හින්ද තමන්ටම කියල තිබුන ඉඩම ගේ අහිමිවුන අසරණ පවුලට දැන් මුකුත්ම නැ.
කොටින්ම කියනව නම් කතෝලික පල්ලි හදන්නත් කෝටි ගණන් සල්ලි පෝට් සිටියෙන් ලැබුන .

අනික රජයේ බලධාරින් පොරොන්දු වෙනවා සුජිත්ලට ඉන්න තැනැක් දෙනවා කියල.
එහෙම කියපු බලධාරින් දැන් අහක බලාගෙන විතරක් නෙමෙයි මේ අසරණ දරු පවුල පාරට ඇදල දාන්න නඩුවකුත් දාල .
හදවත් නැති දූවේ ගමේ ඉන්න කුහකයෝ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් හැමෝම සජිත්ලත් එක්ක.

මිගමුවේ ප්‍රධාන දේශපාලන ධාරවේ ඉන්න අවංක දේශපාලකයෙක් වෙච්ච සංගිත් දැන් වැඩේට බැහැල. ධිවර සමාජේ මිළ මුදලට විකුණන සිය ගණනක් චරිත අතර නොවිකුණ නාමල් කියන් සමාජ දේශපාලන ක්‍රියාකාරිකයාත් සජිත්ලාට සාධාරණයක් ඉටුකරන්න යන අරගලයේ මුලිකත්වය අරන්.
හෙට ඉදන් එයාලට වැඩට බහිනව.