මාදැල් නිසා වෙරළටත් මත්‍යස්‍ය සම්පතටත් සිදුවන හානිය ගැන වගකියන්නේ කව්ද ?

0
442

පාරම්පරික රැකියාවක් වන මාදැල් කර්මාන්තය මේ වන විට යොදා ගනිමින් සිටින නව තාක්ෂණික මෙවලම් නිසා වෙරළ පරිසරයට විශාල හානියක් සිදුවෙමින් පවතින බවට චෝදනාවක් එල්ල වන්නට පටන් ගෙනය.
එදා මිනිස් ශ්‍රමයේ දායකත්වයෙන් ඇදුන මාදැල දැන් අදින්නේ ට්‍රැක්ටර් ආධාරයෙනි.
මේ නිසා වෙරළ පරිසර පද්ධතියට සිදුවන හානිය පිළිබදව දැනටමත් දැවැන්ත විරෝධයක් වයඹ මුහුදු තිරියේදි එල්ලවෙමින් තිබේ.

මෙයට අමතරව ඉතාමත් කුඩා ප්‍රමාණයේ මසුන් පවා මාදැලට අසුවිම හේතුවෙන් සිදුවෙමින් ඇති බරපතල විනාශය ගැනද අනික් ධිවරයන්ගේ විරෝධතා දැන් කලක පටන් එල්ල වෙමින් තිබේ.

ඇතැම් අවස්ථාවලදි මේ කුඩා මත්‍යස්‍ය තොග වතුවල පොහොර ලෙසින් භාවිතා කරන ලද අවස්ථාවන් වන්ද වන බව පැහැදිලිය