මාදැල් මාළුන්ගේ කොර නැත්තේ ඇයි ?

0
50
dav

මුහුදේ ඉන්න මාළු වර්ග බොහොමයක්ගේ කොර තියෙනවා.නමුත් මේ මාළු වර්ගය මාදැලකට අහුවෙලා ගොඩආපු උන් නම් ඒ මාළුන්ගේ කොර ඇත්තේම නැති තරම්.

අපි දැන් ගත්තොත් හුරුල්ලා උගේ කොර තියෙනවනේ නමුත් මාදැලට අහුවෙන හුරුල්ලන්ගෙ කොර නැඒ ඇයි කියල මීපුර වෙබ් අඩවියට පැහැදිලි කරල දුන්නේ මීගමුවේ මංකුලිය ලෙල්ලමේ ප්‍රසිද්ධ ව්‍යාපාරියෙක් වෙච්ච සංගිත්

කොරනැති හුරුල්ලෙක්

මාදැලට අහුවෙන මාළු දැලත් එක්ක ගොඩඑද්දි දගලන්න ගන්නවා එතකොට උන් එක එකාගේ ඇගවල් වල වැදිල තමයි මේ කොර ගැලවිලා යන්නේ ඒ හින්ද මේ ඉන්නේ මාදැලට අහුවුණ හුරුල්ලෝ මුන්ගේ කොර නැ

හැබැයි කොර නැති එකත් මරු . මොකද නැත්තම් ගෙදර අරන් ගිහින් උයන්න බදින්න කලින් කොර අරින් එකත් ලොකු වැඩක් . ඒ හින්දම සාලයෝ සුඩයෝ හුරුල්ලෝ වගේ පොඩි මාළු ගනිද්දි වැඩේ දන්න අය මැදැල් මාළු ගන්න වැඩි කැමැත්තක් දක්වනව . පලවෙනි කාරනේ ඒ මාළු අලුත් . අනික කොර නැති වාසිය