මාධ්‍යවේදි තමිල් සෙල්වම්ට පහරදුන් මැරයන් දෙදෙනෙකු අත්අඩංගුවට !

0
154

ඊයේ සවස් වරුවේ කිලිනොච්චිය ටෙලිකොම් කාර්යාලය අසලදි මාධ්‍යවේදි තමිල් සෙල්වම්ව කලුපැහැති වාහනයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන යාමට උත්සාහ කර ඇත.
මේ අතරෙදි සිදුව තිබුන පොරබැදිමේදි  මේ මැරයන් විසින් තමිල් සෙල්වම්ට පහර  දි තිබුණි.

පහර කෑමට ලක්වු තමිල් සෙල්වම්ව  කිලිනොච්චි රෝහලට ඇතුලත් කිරිමට ඔහුගේ මාධ්‍ය සගයන් විසින් කටයුතු කර තිබුණි

මේ පිළිබදව ඊයේ සවස්වරුවේම අප වෙත දැනුම් දිමට කිලිනොච්චි මාධ්‍ය සංගමය කටයුතු කර තිබුණ අතර  ඉන් අනතුරු  වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් අදාල බලධාරින් දැනුවත් කිරිමටත් කිලිනොච්චි පොලිසියේ ප්‍රධානින්ෙගන් නිරන්තරයෙන් විමසිමටත් කටයුතු කරමින් මේ පුවත වෙබ් අඩවි කිපයකට හා වෙනත් මාධ්‍ය වලටද දැනුවත් කිරිමටද පියවර ගෙන ඇත

උතුරු නැගෙනහිර සිදුවන මේ ආකාර මාධ්‍ය මර්නයක් ගැන දකුණේ අති බහුතරයක් මාධ්‍ය මුනිවත රැකිම කලක පටන් දැකිය හැකි වු පොදු ලක්ෂණයක් වු අතර කිලිනොච්චි මාධ්‍ය සංසදයේ ලේකම්ට එල්ලවු මැර ප්‍රහාරය ගැනද මේ මාධ්‍ය සිටියේ මර නින්දකය .

මේ සිදුවිම පිළිබව වාර්තා කරන්නට ක්‍රියාත්මක වු දකුණේ වෙබ් අඩවි කිපය  අතර මුලිකව වි තිබුනේ වෘත්තිය වෙබ් මාධ්‍ය සංගමයේ සමාජික වෙබ් අඩවි විමද විශේෂත්වයකි
මේ අතර ශ්‍රි ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය මෙන්ම කිලිනොච්චි මාධ්‍ය සංසදයද මාධ්‍ය නිකුත් කර තිබුණි

කිලිනොච්චි පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්සකවරයා ඊයේ අපට කියා සිටියේ අද පෙරවරුව වන වි මේ ප්‍රහාරකයන් අත්අඩංගුවට ගන්නා බවය.
ඒ අනුව අද සවස් වන වන විට මේ මැරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නව රජය යටතේ උතුරු ප්‍රදේශයෙන් වාර්තා වු පළවෙනි මාධ්‍ය මර්ධන උත්සාහය මෙය වන අතර මෙවැනි මැරයන්ට එරෙහිව උපරිම ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.

නව ත්‍රස්ත පණතට එරෙහිව කිලිනොච්චි නගර මධ්‍යයේ පැවැති විරෝධතාවය සංවිධානය කිරිමටද මුලිකත්වය ගෙන කටයුතු කර තිබුනේ කිලිනොච්චි මාධ්‍ය සංසදයයි .
තමිල් සෙල්වම් එහි ලේඛම්වරයාද වෙයි .

කිලිනොච්චි ප්‍රදේශයේ සිදුකරගෙන යන මත්ද්‍රව්‍ය  ඡාවාරම් ගැනද තමිල් සෙල්වම් නිරන්තයෙන්ම හෙළිදරව් කළ මාධ්‍යවේදියෙකු ලෙසද ප්‍රකටය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here