මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට සුබ පැතීමට වෙබ් මාධ්‍ය සංගමය එක්වෙයි !

0
741

නැගෙනහිර ටිමෝරයට නිදහස් ලබාගැනිම වෙනුවෙන් වු අරගලයට දායකත්වය දැක්වුවන් වෙනුවෙන් නැ⁣ගෙනහිර ටිමොර් රාජ්‍යයේ ඉහලම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ 
 මිපුර වෙබ් අඩවියේ කතෘ ප්‍රෙඩී ගමගේ මහතා නොවැම්බ්ර්  27 වනදා එම  සම්මාන පිදීමේ රාජය උත්සවයට සහභාගීවිම නෙුවෙන් ටිමෝරයට ගොස් සිටි අතර මෙම සම්මාන උත්සවයෙන් පසු නැවතත් ප්‍රෙඩි ගමගේ මහතා  ශ්‍රී ලංකාවට ඉයේ (07)  පැමිණුනි. ඔහුව පිළිගැනීමට හා සුබ පැතීමට වාත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය ද එක්වීය. ගුවන්තොටුපළට පැමිණි මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ මහතාව උණුසුම්ව පිළිගැනීමට වාත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ ලේකම් කැලුම් ශිවන්ත, කමිටු සාමාජික කනිෂ්ක රාජකුුරුණා ඇතුලු  වෙබ්මාධ්‍යව්දින් පිරිසක් සහභාගීවි සිටියහ.මෙම අවස්ාවට ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම සහෝදර මාධ්‍යවේදීන් ද සහභාගී වූහ.