මාධ්‍යවේදීන්ට දොර වැසු මීගමුවේ ආරක්ෂාව ගැන සාකච්ජාව?

0
96

මීගමුව තුල පැන නැගි ඇති ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණය සාකච්ජා කිරිම සදහා විශේෂ සාකච්ජාවක් 2014 අප්‍රේල් 26 වනදා මීගමුව මහනගර සභාවේදි පැවැත්විණි.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙසින් පැමිණ තිබුනේ පොලිස් ප්‍රධානියෙකු වු අනුර සේනානායක මහතාය.
මීගමුවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් මෙන්ම මීගමුව පොලිස් අධිකාරි කොට්ටාශයේ සියළුම පොලිසිවල ප්‍රධානින් මෙන්ම දේශපාලකයන්ද ඒ අතර විය.
ව්‍යාපාරික ප්‍රජාවගේ ආරාධනයෙන් එහි ගොස් සිටි මාධ්‍යවේදින් සිය රාජකාරියේ නියැලෙමින් සිටිද්දි එයට එරෙහි වු අනුර සේනානායක මහතා පවසා සිටියේ මෙහි සිදුවන දැ වාර්ථා නොකරන ලෙසය
මේ හේතුව නිසා එතෙක් සිය විඩියෝ කැමරාවේ සටහන් තබමින් සිටි හිරු මාධ්‍යවේදියාට සිය රාජකාරිය අතහැර දමන්නට සිදුවිය.
මීගමුවේ ව්‍යාපාරිකයන්ගේ ආරාධනයෙන් එහි ගිය මාධ්‍යවේදින් තහංචි දමන්නට අනුර සේනානායකට ඇති අයිතිය කුමක්දැයි එහි සිටි මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවිර මහතාගෙන් විමසා සිටිමටද මාධ්‍යවේදින් අමතක නොකළේය.aunra sena