මාධ්‍යවේදින්ට මිගමුව රෝහලේ ඇති බාධාවන් ගැන පැමිණිල්ලක්

0
50
btr
btr

වාර්තාකරණ කටයුතු වලදි මිගමුව රෝහල වෙත කැමරා ආම්පන්න සහිතව යන මාධ්‍යවේදින්ට එහි ආරක්ෂක අංශ වෙතින් නිරන්තරයෙන්ම එල්ල වන හිරහැර බාධාවන් ගැන ඒහි අධ්‍යක්ෂක වෛද්‍ය නිර්මලා ලෝගනාදන්ගේ අවධානයට යොමු කිරිමට මාධ්‍යවේදින් පිරිසක් ඊයේ දිනයේ කටයුතු කර තිබුණි.
මිට පෙර පැවැති රෝහල් පරිපාලනය මාධ්‍යවේදින් සමගින් ඉතා සමිපව සුහදව කටයුතු කළ ආකාරය ගැන මෙම මාධ්‍යවේදින් පිරිස විසින් අධ්‍යක්ෂකතුමියට මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක වෙතද කරුණු දක්වා තිබුණි.
මිගමුවේ රෝහලේ නාමපුවරුව පවා මාධ්‍යවේදින්ගේ මැදිහත්විම තුල පසුගිය පරිපාලනයන් හා එක්ව කටයුතු කිරිමේ ප්‍රථිපලයක් බවද පෙන්වා දි තිබුණි.