මාධ්‍යවේදින් 4 දෙනා අපරාධ කොට්ටාශ මුලස්ථානයට කැදවුයේ ඇයි ?

0
69

prepaid_sim_cards_in_canadaමන්නාරමේ හා වව්නියාවේ සිට ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට අඟහරුවාදා (28) කැඳවන ලද දෙමළ මාධ්‍යවේදීන් සිව් දෙනා එසේ කැඳවනු ලැබ ඇත්තේ දුරකථන ඇමතුමක් ඔස්සේ මරණිය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් පිළිබඳ ප්‍රකාශ ලබා ගැනීමට බව JDS වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණි.

මේ පිළිබඳව එම මාධ්‍යවේදීන්ගෙන් කළ විමසීමක දී ඔවුන් වෙනුවෙන් අදහස් දැක්වූ මන්නාරමේ නිදහස් මාධ්‍යවේදියෙකු වන රොසාරියන් ලැම්බර්ට් JDS හා කියා ඇත්තේ  ජනාධිපතිවරණයට පෙර පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යෂක රෝහණ හෙට්ටිඅරච්ච්චිට දුරකථන ඇමතුමක් මගින් කිසියම් පුද්ගලයෙකු මරණිය තර්ජන එල්ල කර ඇති බවට වන පැමිණිල්ලක් විභාග කිරීම සඳහා තමන් කැඳවනු ලැබ තිබූ බව ය.

”’ඒ දුරකථන ඇමතුම දුන්න අංකයෙන් ඒ දවසෙම මටත්, අද කැඳවා තිබුණු අනෙක් මාධ්‍යවේදීන් තුන් දෙනාටත් ඇමතුම් අරගෙන තියෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට දැනගන්නට අවශ්‍යව තිබුණේ පැෆරල් සංවිධානයේ ප්‍රධානියාට ලැබුණු ඇමතුම හා සමාන තර්ජනාත්මක ඇමතුම් අපිටත් ලැබුණාද කියන එකයි”ඔහු කීය.
මාධ්‍යවේදීන් වශයෙන් තමන්ට නිරන්තර ඇමතුම් ලැබෙන බවත්, ඒ සෑම ඇමතුමක් පිළිබඳවම තමන් සටහන් තබා නොගන්නා බවත් කියා සිටි රොසාරියන්, අදාළ වකවානුවේ එවැනි තර්ජනාත්මක ඇමතුම් තමාට හෝ අනෙක් මාධ්‍යවේදීන්ට නොලැබුණු බව එහිදි රොසාරියන් ලැම්බර්ට් ප්‍රකාශ කර තිබුණි.

කොළඹින් කිලෝ මීටර් 200කට වැඩි දුර බැහැර ප්‍රදේශයක සිට කැඳවන ලද මෙම මාධ්‍යවේදීන් සිව් දෙනාගෙන්, පෙරවරු 10 සිට පුරා පැය හතරකට ආසන්න කාලයක්  ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.මේ  පිළිබදව විමසිම ඔවුන් පදිංචිව සිටින පොලිස් කොට්ටාශයන් තුල සිදුනොකලේ මන්දැයි අප කළ විමසුමට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ මෙම අදාල විමර්ශනය සදහා ඔවුන් කැදවිමට පණිවිඩ යැවු අවස්ථාවේ  ඔවුන් මාධ්‍යවේදින් යැයි දැන සිටියේ නැති බවත් අදාල පරික්ෂණය මෙහෙයවනු ලබන්නේ ප්‍රධාන අපරාධ කොට්ටාශයට ඔවුන්ට පැමිණෙන්නට සිදුව තිබුන බවත්ය.
( JDS ඇසුෙරනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here