මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව වෙනුවෙන් යාපනය මාධ්‍ය සමාජය නියෝජනය කරමින් ආර් .දායබරන් මහතාත් වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමයේ කැදවුම්කාරිනි දීප්ති අධිකාරි මහත්මිය විසින් ඝාතනයට සහ අතුරුදහන් කරනු ලැබු මාධ්‍යවේදින්ගේ ලයිස්තුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දි තිබුණි.
රාජපක්ෂ රෙජිමය යටතේ මෙම මාධ්‍යවේදින් අතුරුදහන් කරන විට ඝාතනය කරන විට අද කෑගහන සංගම් සංවිධාන සිටියේ කොහේදැයි අගමැතිවරයා ප්‍රශ්ණ කලේය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා-………….පෙර තිබූ තත්ත්වයට වඩා වෙනත් වාතාවරණයකයි අද මෙම මානව හිමිකම් උත්සවය පවත්වන්නෙ. අද දින මෙහි පැමිණිලා සිටින කිසිවෙක් පසුගිය වර්ෂයේ සිතන්න නැතුවා ඇති අද පවත්වන මේ සමරුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන්න හැකිවෙයි කියලා. වර්තමාන තත්ත්වය රටේ ඇති වුයේ බොහෝ දෙනකුගේ කැප කිරීම නිසයි. මෙවැනි තත්ත්වයක් ඇති කිරීම පිළිබඳ නිදහසේ වේදිකාවට, සිවිල් සංවිධාන එකතුවට මම ස්තුති වන්ත වෙනවා. මොවුන් නිසා තමයි මානව හිමිකම් පිළිබඳ කථිකාවත මෙතරම් ඉදිරියට පැමිණියේ. පසුගිය කාලයේ මොවුන්ට දේශද්‍රොහීන් කියල ද ඇතැමෙක් චෝදනා කළායැයිද අගමැතිවරයා කියා සිටියේය.
මෙම රැස්විම සදහා ඇමති මනෝගනේෂන් මහතා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ,නිදහෙස් වේදිකාවේ කැදවුම්කරුවන් වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය,ආචාර්ය පාක්‍යසෝති සරනවමුත්තු මහතා,නිතිඥ සුදර්ශන ගුණවර්ධන , සහ නිතිඥ ජේ.සි.වැලිඅමුණ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.