
( 2.00 pm ) 2016 ජුනි මස 02 වෙනිදා එවකට මිගමුවේ නියෝජ්‍ය නගරාධිපතිව සිටි දයාන් ලංසා විසින් සිය සුවච කිකරු ගෝලයෙකු ලවා මාධ්‍යවේදියෙකුට මහනගර සභා භුමියේදි පරදි දි තිබුනි.
පසුගියදා රු කෝටි 31 ගිණුමක තිබු අත්අඩංගුවට පත්ව තිබුනේ සෞඛ්‍ය කම්කරුවා වන්නේ ද නගරාධිපති දයාන් ලංසා විසින් මාධ්‍යවේදියෙකුට මහදවල් ඩියුටි වේලාවේදිම පහරදුන් මැරයාය.

එවන් කොන්ත්‍රාත්තුවක් භාර දෙන්නට තරම් වු මේ මැරයාගේ ගිණුමේ ඇති මුදල්ද මෙවැනි මැරයන්ගේ විශ්වාසවන්ත හාම්පුතාලාගේ නොවේ යැයි කිව හැක්කේ කාටද ?
මේ සියලු සටකපට කම් මැද මිගමුව නගරාධිපති වරයා අදත් මාධ්‍ය සංදර්ශණයක් පවත්වා තිබුණි. ඒ මාධ්‍යවේදින් මිගමුව මහනගර සභාවට කැදවාය.
ඒ විවිධ තැන්වලින් එකතු කර ගත් සෞඛ්‍ය ආරක්ෂිත කට්ටල කිපයක් මාධ්‍යවේදින් වෙත ලබාදිමටය.
අප ඊයේ හෙළිකරන්නට යෙදුන පුවතක කියැවුනේ සෞඛ්‍ය සේවයට අදාල අයෙකු විසින් මිගමු නගරයේ ව්‍යාපාරික ස්ථාන කිපයකින් සැනිටයිස්ර් බෝතල් එකතු කරගත් අන්දම ගැනය.
එක් ඒක ව්‍යාපාරික ස්ථානවලට ගිය මේ පුද්ගලයා ඔයාට සැනිටයිසර් බෝතල් කියක් දෙන්න පුලුවන්ද ? 50 ? අදි වශයෙන් සැනිටයිස්ර බෝතල් එකතු කරගෙන තිබුණි
ඒ චරිතය මිගමුවේ සෞඛ්‍ය සේවා අංශයේ සිටින අංක එකේ අංකුරුයාය.
එබැවින්ම ඔහුගේ ඡල්තරස් ගේම්වලට නගරාධිපති දයාන් ලංසාගේඅත හිත අවැසිමය.
ගුණු දෙනු සිදුවන්නේ එලෙසිනි.
|ගුරුගේ විසින් කලපුවේ දුපත් වලට ගෙනැවිත් දැමු රිලවුන්ට පළතුරු දිම නගරාධිපති දයාන් ලංසාගේ සංකල්පයක් අනුව යැයි කියු ලෙසින්ම මාධ්‍යවේදින්ට මේ සුව කට්ටල ලබාදිමද නගරාධිපති දයාන් ලංසාගේ සංකල්පක් අනුව යැයි හෙට දිනයේ ඔහුගේ ෆේස් බුක් පිටුවේ ලියැවෙනු ඇත.
මාධ්‍ය නිදහස බල්ලාට දැමු චාරයක් නැති මේ නගරාධිපති සංකල්පය වන්නේ විවිධ අයගෙන් ආධාරඋපකාර ලබාගෙන එයට තමන්ගේ ලේබලය ගසා පම්පෝරියක්ද සමගින් එය සමාජ ගත කිරිමය.
අදත් මේ කොන්ත්‍රාත් එක වෙනුවෙන් විවිධ චැනල් වලට දයාන් ලංසාගේ මාධ්‍ය සංදර්ශනය රිංගවන්නේ කෙසේදැයි බලමින් මාධ්‍යවේදින් කැදවා දිමේ කොන්ත්‍රාත්තුව භාරව කටයුතු කළ ඇතුමුන් මහන්සි ගණිමින් සිටි අයුරුද අපට වාර්තා විය.
මාධ්‍යවේදින්ට යමක් ලැබෙන්නේ නම් එය හොදය. මේ දිනවල ඔවුන් වඩාත් අසරණ තත්වයකට පත්ව සිටි.
එමෙන්ම මේ සුව උපකරණ ලබාදෙමින් ලංසා බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මෙහි පැමිණ සිටි අති බහුතරයක් මාධ්‍යවේදින්ට ඉතා හොදින්ම දනි.
මේ මාධ්‍යවේදින් අති බහුතරයක් තොත්තබාබාලා නොවන බවචද දයාන් ලංසා දැනගත යුතුය.
ඒ මන්දයත් 2016 ජුනි මාසයේදි දායන් ලංසාට එරෙහිව ගම්පහදි මෙන්ම කොළඹදිදි විදි බැස විරෝධය දක්වන්නට අද එහි පැමිණ සිටි මාධ්‍යවේදින්ගේ අතිබහුතරයක් එක්ව සිටි නිසාය .
එපමණක් නොව දයාන් ලංසාට එරෙහිව රටපුරාම මාධ්‍යවේදින් ඉතා පැහැදිලිව එදා මේ ම්ලේච්ජ ප්‍රහාරයට එරෙහිව සාමුහික විරෝධයකට එක්ව සිටියහ. මධ්‍යම , වයඹ , ඌව,බස්නාහිර .උතුරු,නැගෙනහිර හා දකුණ ඇතුලුව ප්‍රදේශ ගණනාවකදිම විරෝධතා සංවිධානය කර තිබුණි.
දැන් දයාන් ලංසා මේ බබා පාට් දමිමින් කියන්නට යන්නේ මම මාධ්‍යවේදින්ට ද සලකන බවය රටට කියන්නටය.හැබැයි ලංසා පවුල යනු කව්දැයි මාධ්‍යවේදින් පමණක් නොව රට පුරාම කුඩා දරුවන් පවා දැන් දනි.











