මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පහරදිමේ සිද්ධිය උතුරේ මාධ්‍යවේදිහු ජනපති සහ අගමැතිට පාර්ලිමේන්තුවේදි කියති.

0
49

Met PM 4උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වයේ චාරිකාවට එක්ව සිටින උතුරේ මාධවේදි කණ්ඩායමේ ප්‍රධානි යාපනය මාධ්‍ය සමාජයේ ආර්.දයාබරන් විසින් සිය අදහස් දැක්විමේදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එරෙහි එල්ල කරන ලද ප්‍රහාරය ගැන ජනපති සහ අගමැති දැනුවත් කරමින් කියා සිටියේ එවන් තතවයක් මාධ්‍යවේදින් හට යලිත් සිදුනොවන්නට රටතුල වාතාවරණයක් කඩිනමින් ස්ථාපිත කළ යුතුව ඇති බවයි.
සුදුවෑන් නැති භිෂණය නැති තත්වයක් මාධ්‍යවේදින් හට ලබාදිම තිබිම ගැන තමන් ජනපති හා අගැමතිට විශේෂයෙන්ම ස්තිතු වන්ත වන බවත් කියා සිටියේය.
පැවැති රාජපක්ෂ භිෂණය වෙනුවට දැන් නිදහසේ සිය වෘත්තිය කරගෙන යන බවත් පසුගිය කාලය තුල මාධ්‍යවේදින්ට හිරිහැරවිමේ සිද්ධි 5 ක් පමණ වාර්ථා වි ඇති බවත් ඒවාට සාධාරණය ඉටුකරන ලෙසත් තවදුරටත් ඉල්ලා සිටියහ.