මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පහරදිමේ නඩුව !අධිකරණය හමුවේ මෙවරත් පොලිසිය නිරුත්තරයි !

0
64
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය සේවකයා සහ සොහොයුරා
????????????????????????????????????
????????????????????????????????????

මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පහර දිමේ නඩුව ඊයේ ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ කැදවු අවස්ථාවේදි  පොලිසියට උත්තර නැති වි අසරණ තත්වයකට පත්වුයේ හැම නඩුවාරයකදිම එකම දේ කියමින් කල්ගැනිමට සිදුව ඇති නිසාය.
මාධ්‍යවේදි ප්‍රෙඩී ගමෙගේ වෙනුවෙන් පෙනි සිටි නිතිඥ දන්ත නිරංජන් සහ නිතිඥ චාමර ජයසුරිය විසින් පැලියගොඩ විමර්ශන නිළධාරින්ගෙන් විමසා සිටියේ මේ පහර දිමට දායන් ලංසාගේ ඇති සම්බන්ධය ගැන ඇති තරම් කරුණු තිබියදි දායන් ලංසාව මේ නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කිරිමට පොලිසිය මැලි වන්නේ ඇයි යනුවෙනි.
එමෙන්ම මෙවර නඩුවේදි නිතිඋපදෙස් පතා මේ නඩුගොනුව ඉදිරිපත් කර ඇතිද එසේ නම් යොමු අංකය  කුමක්ද යනුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විමසා සිටියදි පොලිසියට පැහැදිලි පිළිතුරක් තිබුනේ නැත.
මීළග නඩුව වාරය ජුනි 27 වෙනිදාට කල්දමමින් ප්‍රධාන මහෙස්.ත්‍රාත්තුමා පොලිසියට කියා සිටියේ ඊළග නඩුවාරයේදි අනිවාර්යෙන්ම නිති පති යොමුකිරිමේදි ලබාදෙන යොමුඅංකය ඉදිරිපත් කරන ලෙසය.