මාධ්‍යවේදී තිලක් සේනාසිංහගේ අලුත්ම නවකතාව දොරට වඩියි

0
138


කාමභෝගීත්වය පරමාදර්ශය කරගත් සමාජයක සාම්ප්‍රදායික වියපත් බවකට පිවිසීමේ
අභියෝගය තේමා කර ගනිමින් තිලක් සේනාසිංහ ලියූ අලුත්ම නවකතාව “ජ්‍යෙෂ්ඨ
පුරවැසියකුගේ ප්‍රේම කතාව ” දොරට වැඩුම 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා
සවස 4.00 ට බොරැල්ල, කොටා රෝඩ් හි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ දී
සිදු කෙරිණ. මෙහිදී ” වියපත් බව, ප්‍රේමය සහ සදාචාරය” යන මැයෙන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සහ ” වියපත් වූවන්ට ප්‍රේමය අකැපද? ” යන මැයෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල
ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය නාමල් විජයසිංහ යන
විද්වතුන් කෙටි දෙසුම් පැවැත් වූ අතර මෙම වැඩසටහන ඉතිහාස ගවේෂක විශේෂඥ
වෛද්‍ය අජිත් අමරසිංහ විසින් මෙම වැඩසටහන ලදී. එම දොරට වැඩුමේ දී කතුවරයා
විසින් කෘතියේ මුල් පිටපත මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර වෙත පිළිගැන්වූ
අවස්ථාවයි මේ.මෙම දොරට වැඩුම සහ කතිකාව  ශ්‍රී ලංකා හේතුවාදී සංගමය
විසින් සංවිධානය කරන ලද අතර “ජේ්‍යෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව”
රාජගිරියේ ග්‍රැෆිකෙයා ප්‍රකාශනයකි.

20210225 1631211 scaled20210225 182125 scaled

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here