මාධ්‍ය නිදහස වලපල්ලට යැවු රාජපක්ෂලා ආයේත් එපා !

0
78
dav

Jaffna [rotest 3

dav

ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදින් පිරිසක් ඝාතනය කළ රාජ්‍ය පාලකයා ලෙස දැනටමත් ඉතිහාසගතව ඇති මහින්ද රාජපක්ෂ දැන් යළිත් වරක් සිය කුටුම්භයට බලය ඉල්ලා සිටි.
ඔහුගේ පාලන සමය තුලදි මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනය කර ඇති බව දැක්වේ.
මේ අයගෙන් 41 දෙනෙකු දමිල මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයෝ වෙති.
මේ අයගේ ඝාතකයන් නීතිය හමුවට ගෙන එන ලෙස බලකරමින් දකුණේත් උතුරේත් නැගෙනහිරත් මාධ්‍ය කණ්ඩායම් සහ සිවිල් සංවිධාන එක්ව ඒකාබද්ධ සටනකට දැන් මුලපුරා තිබේ.jaffna protest 5jaffna protest 8jaffna protest 8jaffna protest 7
මධ්‍යවේදින්ගේ ජිවිත බිලිගත් මීනිමරු රාජපක්ෂ පාලනයට එරෙහිව  සංවිධානය කෙරුණු එකාබද්ධ විරෝධතාවය  බොහොමයක් පැවැත්වුයේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරිම සදහා යාපනයේ ඉදිකර ඇති විශේෂ ස්මාරකය අභියසදිය.
යහපාලනය විසින්ද හුරතල් කළ මේ මිනීමරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස බලකරමින් ජාතික වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මේ ඒකාබද්ධ අරගලය ක්‍රියාත්මක විමට නියමිත බව මේ එ්කාබද්ධ අරගලයේ ප්‍රධානිහු පවසා සිටිති.එමෙන්ම  මේ රට තුල මාධ්‍ය නිදහස වලපල්ලට යැවු රාජපක්ෂ කුට්ටුම්භය දැන් යළිත් බලය ඉල්ලා ජනපති සටනට ප්‍රවිශ්ඨ වි තිබේ.
මාධ්‍ය නිදහස අගයන කිසිවෙකුත් මේ මිනිමරු පාලකයන් යළි බලයට ගෙන ඒමට කටයුතු නොකරනු ඇත.