මාධ්‍ය මර්ධනයට එරෙහිව මඩකලපුවේදි විරෝධතාවක් !

0
73

batti 2ඇතැම් රාජ්‍ය නිළධාරින්ගේ වැරදි හෙළිදරව් කිරිම හේතුකොට ගෙන මාධ්‍ය වාර්ථා පළකිරිමට පළිගැනිමක් ලෙසින් පොලිසිය විසින් අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ සිදුකර ඇතැයි කියන මැදිහත්විම් වලට විරෝධය පළකරමින් අද මඩකලපුවේදි උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
ඒ මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසලදිය.
මේ සදහා ප්‍රදේශයේ මාධ්‍යවේදින් පිරිසක් මෙන්ම සිවිල් ක්‍රියාකාරින්ද එක්ව සිටියේය.ශ
දේශපානඥයන් ලෙසින් පොදු ජන පෙරමුණේ මඩකලපු දිස්ත්‍රික් සම්බන්ධිකාරක චන්ද්‍රකුමාර සහ හිටපු දමිල ජාතික සන්ධාන මන්ත්‍රි අරියනේත්ත්‍රම්ද මෙම උද්ගෝෂණ අවස්ථාවට පැමිණ තිබුණි.