මාධ්‍ය වැඩමුළුවකට ආරක්ෂක අංශ කඩාපැනලා…

0
57

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ජානකි හෝටලයේ සංවිධානය කර තිබු වැඩමුළුවකට අද දහවල් හදිසියේ කඩා වැදී ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් විසින් එම වැඩමුළුවට සහභාගිවී සිටි විදේශිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සංචාරක විසා මත මෙරටට පැමිණ ඇති එම විදේශිකයින් දෙදෙනා මෙවැනි වැඩමුළුවකට සහභාගිවීම නීති විරෝධිබව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවසා ඇත.

එම විදේශීකයින් දෙදෙනා තමන්ගේ මිතුරන් බවත්, ඔවුන් අද එම ස්ථානයට පැමිණියේ තම හමුවීමට බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා අදාළ නිලධාරින්ට පැහැදිලිකර ඇතත්, ඉහලින් පැමිණි නියෝගයක් මත මෙසේ අත්අඩංගුවට ගැනීමට සිදුවන බව ආරක්ෂක අංශ නිලධාරින් පවසා තිබේ.අත්අඩංගුවට ගත විදේශිකයින් දෙදෙනා සමග සුනිල් ජයසේකර මහතා ද රැගෙන ගොස් ඇත.වාර්තාවන අන්දමට එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජැකලින් පාර්ක්‌ හා ජේන් නමැති දෙදෙනෙකි.
මුලාශ්‍රය -www.srilankamirror .lkFOESemenar4_600px_13_10_30FOESemenar7_600px_13_10_30