මාධ්‍ය සංදර්ශණ නැත ! එහෙත් මුන්නක්කරයේ තරුණයෝ පොත් බෙදති !

0
380

9(1)2018 නත්තල වෙනුවෙන් මුන්නක්කරය ශාන්ත නිකුලා තරුණ සමිතිය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද, ග්‍රාමයේ වෙසෙන දිළිඳු පාසල් දරුවන් 30 දෙනෙකුට ලබන 2019 වසර සඳහා වූ පාසල් පොත් බෙදා දීම 2018 12 30 වන දින මහාවීදිය මීසම් සහායක හා මුන්නක්කරය දේවස්ථානය බාර ගරු රොශාන් චමින්ද පියතුමාගේ ප්‍රධානත්වයෙන් දේවස්ථාන භූමියේ දී සිදු කරන ලදී.
දරුවන්ගේ පොත් ලැයිස්තු නත්තල් දිව්‍ය පූජාවෙන් පසු නත්තල් ගස අසල බහා තිබූ අතර කැමති අයෙකුට එ් සඳහා අනුග්‍රහය දැක්වීමට අවස්ථාව සලසා දී තිබුණි.
දරුවන් අමතා ගරු පියතුමන් ප්‍රකාශ කර සිටියේ මෙලෙස පොත් ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ  අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට පිටිවහලක් වීමත්, නත්තලේ අර්ථය වන දිළිඳුන් සමග බෙදා හදා ගැනීම අර්ථවත් කිරීමටත් බවය. ා
එසේම මෙම පොත් පත් පරිහරනය කරන සෑම විට එය ලබා දුන් අයව සිහිපත් කොට ඔවුනට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා  කරන ලෙසද දරුවන්ගෙන් උන්වහන්සේ  ඉල්ලා සිටියහ.
අසරණ දරුවන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් කාරුණික  හදවත් ඇති ග‍්‍රාමවාසී සියලූ දෙනාටම මුන්නක්කරය ශාන්ත නිකුලා තරුණ සමිතියේ අවංක  ආදර ස්තූතිය සහ දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරයි

සුමුදු ලක්මාල් ප්‍රනාන්දු