ජා ඇල ප්රදේශයේ ප්රවීන මානව හිමිකම් ක්රියාකාරිකයෙකු මෙන්ම සමාජ ක්රියාකාරිකයෙකු වූ ජෝර්ජ් හල්පේ මහතා සැප්තැම්බර් 07 වන දින හෘදයාබාධයකින් හදිසියේ අභාවප්රාප්ත වූ බව ‘සමබිම’ සංවේගයෙන් දැනුම් දෙයි.
ජෝර්ජ් හල්පේ මහතා ‘සමබිම’ පුවත්පතේ සක්රිය පාඨකයෙක්ව සිටියේය.
රාජ්ය ස්කාගාර සංස්ථාවේ ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ ක්රියාකාරී නායකයෙකු ලෙස කටයුතු කළ ඔහු පසුව උස්වැටකුයියාව ‘ජනෝදය’ කේන්ද්රයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.
හල්පේ මහතාගේ අවසන් කටයුතු සැප්තැම්බර් 09 වන සඳුදා සවස බෝපිටිය කතෝලික දෙව්මැදුරේ සුසාන භූමියේදී සිදු කෙරේ.
අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය බෝපිටිය පල්ලිය අසල නිවසේ තැන්පත් කර තැබෙනු ඇත.
කොළඹ සිට බෝපිටියට පිටකොටුවෙන් මාර්ග අංක 275 බෝපිටිය බසය මගින් ගමන් කළ හැකිය. නැත්නම් මීගමුව පාරේ 240 හෝ 187 බසයක නැගී තුඩැල්ල හංදියෙන් බැස 273 මීගමුව මාර්ගය ඔස්සේ බෝපිටියට පැමිණිය හැකිය.
වැඩි විස්තර දැන ගැනීම පිණිස 071-6842913 දුරකථනයට අමතන්න.
වැඩිදුර විස්තර ‘සමබිම’ වෙබ් අඩවිය ඔස්සේ යාවත් කරනු ලැබේ.