මාමාගේ ගෙදර යමින් සිටි 06 හැවිරිදි දියණිය අකාලයේ මියයයි

0
73

3039204812_d69d3a5227ඊයේ සවස 6.30 ට පමණ මීගමුවේ සිට මිනුවන්ගොඩ බලා ගමන්ගත් ත්‍රීවිලරයකට හදිසියේ මූහුණ පෑමට සිදුවූ අනතරකින්  එහි ගමන් ගත් සය හැවිරිදි හිරුණී මෝක්ෂා දේවින්ද්‍රි නම් දියණියක් මියගොස් ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඇගේ 08 හැවිරිදි සොයුරියත් මාමාත් ත්‍රීවිලරයේ ගමන් කර ඇති අතර මාමා ත්‍රීවිලරය පදවාගෙන ගොස් ඇත. වාර්තා වන පරිදි  මිනුවන්ගොඩ, පීල්ලවත්ත ප්‍රදේශයේදී   ත්‍රීවිලරය ඉදිරියෙන් ගමන්ගත් එළවලු ලොරියෙන් එළවලු ගෝනියක් බීමට වැටී ඇති අතර  ත්‍රීවිලරය ඊට උඩින් ගමන්ගෙන තිබේ. මේ අවස්ථාවේදී ත්‍රීවීලරය පෙරලී ඇති අතර එය පෙරලීමට පෙර මෙම දැරිවිය බිමට  වැටී තිබේ. පසුව ත්‍රීවිලරයද ඇයගේ සිරැරට පෙරලී ඇති බවද වාර්තා වන අතර පසුව ඇයව මිනුවන්ගොඩ රෝහලට ගෙන ගිය පසු මියගොස් ඇත.  මෙසේ මිනුවන්ගොඩ බලාගමන්ගෙන ඇත්තේ සිය මාමාගේ බිරිද මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඇයට අවශ්‍ය කළමනාකරන ගෙන ඒම සදහායි. මියගිය හිරැණිගේ නිවස පිහිටා  සිට ඇත්තේ  මීගමුව බෝලවලානේ වන අතර ඇය බෝලවලාන නිමල මරියා පාසලේ 1 වසරේ ඉගෙනුම ලබමින් සිටියාය.