මාරවිල තරුණයෙකු ඉතාලියේදි මිය ගිහින් ? ඝාතනයක්දැයි සැකයක් ?

0
29

මිලාන් පුවත් 1ඉතාලියේ මිලාන් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකින් ඇදවැටි ලාංකීක තරුණයෙකු ඉකුත් සිකුරාදා 04 රාත්‍රි මියගොස් තිබේ මෙලෙස මියගොස් ඇත්තේ මාරවිල මූදුකටුව රෝමන් පාක් හි පදිංචි කැරැව්ගොඩගේ දොන් අශාන් මධුසංක නැමති 18 හැවිරිදි තරුණයෙකි කාලයක සිටම තම මාපියන් සමග ඉතාලියේ ජීවත් වු මෙම තරුණයා එහි උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබමින් සිටි අතරතුර මෙම අනතුර වි තිබේ ඉකුත් සිකුරාද තමන් ජීවත් වු මිලානෝ කුවර්තජාරෝ ප්‍රදේශයේ තම නිවස ආසන්නයේම පිහිටි මහල් නිවාසයකට ගොස් සිටියදි මෙම අනතුර වි ඇති බව ඔහුගේ ඥාතින් පවසයි මහල් නිවාසය අසල බිමවැටි මියගොස් සිටියදි ඉතාලි ජාතිකයන්ගේ දැනුම්දීමක් මත එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ පොලිසිය විසින් එම තරුණයාගේ සිරුර සොයාගෙන තිබේ මෙම මරණය ඇද වැටිමකින් සිදුවක්ද එසේත් නැතිනම් ඝාතනයකර බිමට දැමුවාද යන්න මෙතෙක් සොයාගෙන නොමැති බවත් ඉතාලි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ සිදු කරමින් සිටින බව ඉතාලි අරංචි මාර්ග පවසයි
චන්දන ප්‍රනාන්දු මිලාන් පුවත් 2මිලාන් පුවත් 3