මාරවිල පොලීසිය 62 දෙහැවිරිදි රෝගීයෙකුට අමානුෂිකව පහර දී මුදල් පැහැර ගනියි.

0
53

 දෙදරු පියෙකු වන ජේ.පී සැම්සන් කුලතංග මහතා (62) ඔහුගේ නිවසේ තනියම ජීවත් වේ. පසුගිය පෙබරවාරි 09 වන දින උදේ 10.00 ට පමණ සැම්සන් මහතා නිවසේ නිදන කාමරයේ සිටියදී අනවසරයෙන් නිවසට ඇතුළු වූ මාරවිල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ඔහුට අමානුෂිකව පහරදී ඔහුගේ ඉඩම විකුණා නොදැම්මොත් මරා දමන බවට තරජනය කර ඔහු සතුව තිබු රුපියල් 15000 ක මුදලක් ද පැහැරගෙන පලාගොස් තිබේ. මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා එ අවස්ථාවේ මත් පැන් පානය කර සිටි බව සැම්සන් මහතා පවසයි. සැම්සන් මහතාගේ නිවස ඉදිරිපිට මහා පරිමාණයේ රා බෝතල් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි, මෙම ස්ථානයෙන් නිකුත්වන දුගද, අධික ශබ්දය නිසා සැම්සන් මහතා ඇතුලූ ගම් වාසීන් ඊට එරෙහිව විවිධ පියවර ගෙන තිබේ. මෙම ස්ථානයට නිතර නිතර මාරවිල පොලිස් නිලධාරීන් පැමිණේ. සැම්සන් මහතාගේ නිවස සහ ඉඩම විකුණන බවට ආරංචි වී ඉහත රා ව්‍යාපාරය කරගෙන යන තැනැත්තා ඉඩම මිලදී ගැනීමට සුදානම් බවත් කාටවත්, එ නිසා එය වෙන කිසිවෙකුට නොදෙන ලෙසත් පවසා එහි මිල අසා තිබේ. එවිට සැම්සන් මහතා විසින් ඉඩමේ මිල රුපියල් කෝටියක් බව පවසා තිබේ. එවිට ඉහත ව්‍යාපාරිකයා විසින් එ මිල ගොඩක් වැඩි බවත්, මිල අඩුකර ඔහුට ඉඩම ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. මිල අඩුකිරීමට අකමැති වීම මත මෙම රා ව්‍යාපාරිකයා සැම්සන් මහතා සමග යම් අමනාපයකින් පසුවී තිබේ. පොලිස් නිලධාරීන් විසින් සිදු කළ මෙම පහරදීම නිසා රොගාතූර වු සැම්සන් මහතා දින තුනක් මාරවිල රෝහලෙ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගෙන තිබේ. සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ පැවැති හදුනා ගැනීමේ පෙරට්ටුවකදී අදාල නිලධාරීන් දෙදෙනා සැම්සන් මහතා විසින් හදුනා ගෙන ඇත.
උපුටා ගැනීම – http://www.right2lifelanka.org/new/newsview.php?id=500