මාර්කට් වීදියේ තහඩු වැඩ වල අලංකාරය

0
503
????????????????????????????????????

තහඩු භාන්ඩ හා නිශ්පාදනය සහ අලුත්වැඩියාවට නම තියාපු තැනක් වන මීගමුවේ මාර්කට් වීදියේ ශාන්ත ජෝශප් තහඩු වැඩපළට පිවිසුණේ එහි ඇති නානාවිධ උපකරණ  දැකබලා ගැනීමට ඇතිවූ උවමනාවෙනි. ඒවා සිත්ගන්නා සුළුය.  තහඩු වලින් නිර්මාණය කරන ලද   විවිධ ගෘහ උපකරණ මෙන්ම  හෝටල් අලංකරණය සදහා යදොගන්නා ලාම්පු වර්ග,  රසකැවිලි නිශ්පාදනයට අවශ්‍ය නා නා විදියේ භාජන,කේක් තැටි මෙන්ම වෙඩින් කේක් සෑදීමට ගන්නා තැටි  අතර ධීවර රස්සාවට යොදාගන්නා ලාම්පු ද එහි තිඛේ.  විවිධ ප්‍රමාණයෙන් යුත් ඇලුමිනියම් බාල්දි  ,කුරුලු කූඩු අතර අලුතින් එක්කළ නිර්මාණයක් වී තිබුණේ තහඩුවෙන් නිර්මාණය කරන ලද පෙට්ටි වර්ගයකි. මෙම පෙට්ටි අතර කාසි කැටද ප්‍රථමාධාර පෙට්ටි හා  වෙනත්  කටයුතු වෙනුවෙන් පාවිච්චි කළ හැකි පෙට්ටි ද තිබිණි.
මෙම ස්ථානය අරපිරිමැස්මෙන් වැඩකරන ගෘහනියන් නිතර ගැවසෙන තැනක් ලෙස හැගී ගියේ එහි තිබූ කැඩුණ උණුසුම් බෝතල්, තේ පෝච්චි,හිල් වුණ ඇලුමිනියම් තාච්චි,භාජන රැසක් අලුත්වැඩියාව සදහා ගොඩගසා තිබූ  ආකාරය දැකීමෙනි.
මෙහි වර්තමාන හිමිකරු වන ජුඩ් රණජීව ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුතණුවන් මෙන්ම තවත් වැඩකරුවෙක් මෙහි සේවය කරයි. ඔවුන් පුංචි බිම්කඩක වාඩිවී ඇලුමිනියම් වලින් වැඩකරනු දැකීමත් හරිම අපූරුය.
රණජීව මහතාගේ පියා වන ලුවිස් ප්‍රනාන්දු මහතා 1950 ගණන් වලදී මෙම වෙළද සැල ආරම්භ කර ඇති අතර ඒ කාලයේ වැඩිපුර නිශ්පාදනය කළේ ජම්පර නමැති මුහුදු  ලාම්පු වර්ගය බව රණජීව මහතා පැවසීය.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????                                                              භූඹීතෙල් ලාම්පු

????????????????????????????????????

????????????????????????????????????


????????????????????????????????????

????????????????????????????????????


සටහන සහ ඡායාරූප – කුමාරි ප්‍රනාන්දු