මාරාන්තික වයිරසයක් පරාජය කරන ධෛර්යසම්පන්න මිනිස්සුන්ගේ කතන්දරය.

0
372

කේරළ ප්‍රාන්තය පුරා පැතිරී යන “නීපා” වයිරස නිසා ජන ජීවිතයට මහත් තර්ජනයක් එල්ල වන අතර  සමස්ථ වෛද්‍ය ක්ෂේත්‍රය තුළම දැඩි අර්බුදකාරී තත්වයක්  ඇතිවීමට පටන් ගනී. 

මේ අභියෝගයට මුහුණ දීමට ප්‍රන්ත  රජය ඉතා බුද්ධිමත්ව හා සංවිධානාත්මකව ක්‍රියාත්මක වන අතර ප්‍රාන්තයේ  සෞඛ්‍ය ඇමතිණිය ඊට නායකත්වය සහ අවශ්‍ය වපසරිය සකස් කර දෙයි. 

එහිදී තම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන් පිළිබඳව සහ රාජ්‍ය අංශයේ නිලධාරීන් ගැන පූර්ණ විශ්වාසය තබන ඇය ඔවුන්ට අවශ්‍ය පරිදි වයිරසය  පිළිබඳව තොරතුරු සෙවීමටත් ඒ සඳහා ගත යුතු  ක්‍රියාමාර්ග ගැනීමටත්  පූර්ණ නිදහස ලබා දෙයි.

පොලීසියේ හෝ හමුදාවේ කිසිවකු  මෙම ක්‍රියාන්විතයට  සම්බන්ධ කර ගන්නේ නැත.

මධ්‍යම ආණ්ඩුවේ බුද්ධි අංශ “නිපා” වයිරසය  ත්‍රස්තවාදීන් විසින් දියත්  කරන ලද රසායනික අවි ප්‍රහාරයක් ලෙස සැක කලක් විද්‍යාව පිළිබඳව පූර්ණ විශ්වාසය තබමින් වෛද්‍ය සහ අනිකුත් අංශ විසින්  වයිරසයේ මූලාශ්‍රය සහ පැතිරී යාම සිදුවන්නේ කෙසේදැයි සොයා ගනිති. 

ඒ අනුව ඔවුන් අවම මරණ සංඛ්‍යාවක් තුළ වයිරසය පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කර ගනී. 

සෞඛ්‍ය අංශයේ විවිධ තරාතිරම් වල ධෛර්ය සම්පන්න පුද්ගලයින් පිරිසක් වසංගතය මැඩපැවැත්වීම සදහා  තම ජීවිත පරදුවට තබා කටයුතු කරන අයුරු දැඩි සංවේදී බවකින් යුතුව ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇත.

මේ අතර චිත්‍රපටය තුල අතිවිශාල චරිත ප්‍රමාණයක් ඇති අතර ඒ සෑම චරිතයක් සදහාම මලයාලම් සිනමාවේ අතිශයින්ම ජනප්‍රිය නළු නිළියන් යොදාගෙන ඇත.

ඔවුන් විසින් නිරූපණය කරන චරිත  වෙන් වෙන්ව ගෙන එම චරිත අතර සබඳතාවයන් පවත්වාගෙන යන ආකාරය දැඩි හැඟීම්බර බවකින් යුක්තව අපි දකින්නෙමු.

මෙම චිත්‍රපට කතාවේදී වයිරසය නිසා මිය යන රෝගීන් ආදාහනය කළ යුතුයි යන නිර්දේශයක් පැමිනෙන අතර එය ඉස්ලාම් ආගමීක විස්වාසයන් සමග ගැටේ. මෙහිදී ප්‍රාන්තයේ ආගමීක සංහිඳියාව පවත්වාගෙන යාම සදහා රජයේ නිලධාරින් සහ ඉස්ලාම් ආගමික නායකයින් සමග සංවාදයක් ඇති වන අතර ඒ අනුව සාමාන්‍යයෙන් භුමදාන කරන ප්‍රමාණයට වඩා ඉතා වැඩි ගැඹුරකින් මුස්ලිම් ජාතිකයන් අතර මරණයක් සිදු වූ විට භූමදානය  කිරීමට එකගතාවයකට පැමිනේ. 

2019 තිරගත වන මෙම චිත්‍රපටය කොරෝනා වයිරසය  පැතුරුණු කාල වකවානුවේදී  අප ලැබූ අත්දැකීම් යළි සිහියට නංවයි.

එතරම් ආකාර්ෂනීය තේමාවක් නොවුනත් කිසිදු කම්මැලිකමකින් තොරව මුලු චිත්‍රපටිය කෙරෙහිම ප්‍රේක්ෂක අවදානය එකසේ පවත්වාගෙන යාමට චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා සහ සෙසු ශිල්පීන් සමත්වී ඇත.

චිත්‍රපටිය ආරම්භ වන්නේ කේරලයේ නගරයක ප්‍රධාන රෝහලක සිදුවන අතිශයින්ම කාර්ය බහුල දින චර්යාවන් සමූහයක් අතරේ විශේෂ රෝගියකු හදුනා ගැනීමකින් වන අතර, කතාව අවසන්වන්නේ ප්‍රාන්තයේ  සෞඛ්‍ය ඇමැතිවරිය “නිපා” වයිරසය  මර්දනය කිරීමට සහාය දක්වන සියලුම දෙනාට ස්තුති කිරීමේ කතාවකිනි.

“වයිරස්”  ඔබ නියත වශයෙන්ම වශයෙන්ම නැරඹිය යුතු මලයාලම්  චිත්‍රපටයකි.

අරුණ ශාන්ත නෝනිස්

අශානෝ 

2023.11.09.