මාරිස්ටෙල්ලා වේ සිසුන් වෙස් තබයි

0
416

මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුට  වෙස් පැළදවීමේ උත්සවයක් අද උදැසන පවත්වන ලදී. මෙම වෙස්පැළදවීමේ චාරිත්‍රය මාරිස්ටෙල්ලා විදුහල විසින් පවත්වන ලද්දේ පළමු වතාවට වන අතර මෙම වෙස් මංගල්ලය  මීගමුව අගුරුකාරමුල්ල විහාරස්ථාන පරිශ්‍රයේදී   පැවැත්විණී.
එහිදී පාසලේ නර්තන විෂය හදාරන  10/11/12/13 වන ශ්‍රේණි වල ශිෂ්‍යයන් 20 දෙනෙකුට වෙස් තැබීමේ චාරිත්‍රය සිදුකරන ලදී. එම වෙස් මංගල්ලය වෙනුවෙන් මාරිස්ටෙල්ලා විද්‍යාලය සහ  සිසුන්ගේ දෙමව්පියන් විසින් අනුග්‍රහය දක්වන ලදී.