මාරිස්ට් පුතුන් ජාත්‍යන්තරයට..

0
77

මීගමුව මාරිස්ටෙල්ලා විදුහල මේ වන විට ක්‍රීඩාවෙන් මීගමුව කලාපයේ පමණක් නොව මුළු දිවයිනේම අණසක පතුරුවා ඇති පාසලකි. ඒ නිසාම විශේෂයෙන් ජාතික මට්ටමේ තරගාවලි වලින් ජයග්‍රහණ ලබන මාරිස්ට් පුතුන් දැන් දැන් ජාත්‍යන්තරයේදීත් තමන්ගේ ක්‍රීඩාශීලී හැකියාවන් ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබමින් සිටින බව අපට වාර්ථා විය.

මාරිස්ටෙල්ලා විදුහලෙන් බිහිවූ ක්‍රීඩකයෙකු වන යොහාන් සෙව්වන්ද සිසුවා මේ දිනවල රුසියාවේ පැවැත්වෙන 6 වන ආසියානු ක්‍රිඩා සැණකෙලියට සහභාගී වීමට වරම් හිමි කරගෙන ඇති බව වාර්ථා විය. ඒ වයස අවුරුදු 16න් පහල 110m කඩුළු පැනීමේ ඉසව්ව සදහායි.එලෙසම එම පාසලේම උදිත චන්ද්‍රසේන සිසුවා ජුලි මස 19 වනදින පෝලන්තයේදී ආරම්භ වීමට නියමිත ලෝක කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති අතර ඒ 400m කඩුළු පැනීමේ ඉසව්ව වෙනුවෙනි.

මේ ආකාරයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දස්කම් පෙන්වන මාරිස්ටෙල්ලා විදුහලට හා විශේෂයෙන් යොහාන් සෙව්වන්ද හා උදිත චන්ද්‍රසේන සිසුන් දෙනොට මීපුර අපගේ උණුසුම් සුභ පැතුම්.

 

ඡායාරූප අන්තර්ජාලයෙනි.