මාලබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට මීගමු රෝහලේදි මුදලට ප්‍රයෝගික පුහුණු?

0
56

මාළබේ වෙද විදුහලේ සිසුන්ට ප්‍රයෝගික පුහුණු ලබාදිම සම්බන්ධයෙන් රජයේ රෝහල්වල ඉඩ ලබානොදිම සම්න්ධයෙන් පසුගිය කාලය තුල ගැටළු රැසක් මතුව තිබුණි.ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකගේ මෙන්ම මුකරි කටක් ඇති රජයේ ඇමතිවරයෙකුගේද දරුවන්ද ඉගෙනුම ලබන්නේ මේ පුද්ගලික වෙද විදුහලේමය.
කෙසේ හෝ කොළඹ රජයේ රෝහල් වලින් නොලැබුන ප්‍රයෝගික පුහුණු මීගමුව රෝහලේදි මුදලට ලබාදෙන්නට එක් විශේෂඥ වෛද්‍යවරයෙකු කටයුතු කර ඇතැයි පැවසේ.
ඒ පශ්චාත් මරණ කටයුතු සම්බන්ධයෙනි.
මේ කටයුතු කිරිම සම්බන්ධයෙන් අදාල බලධාරින්ගෙන් කිසිදු අවසරයක් පවා නොතිබුණ තත්වයක් තුල මේ කටයුත්ත සිදුව ඇතැයිද පැවසේ.