මාලිංග වෙනස් එකෙක් !

0
107

FB_IMG_1563934618554මාලිංග මරු කතාවක් කියනවා .. මාලිංග ගෙන් මාධ්‍ය අහනවා ඇයි මාධ්‍ය එක්ක හැප්පෙන්නේ ඔයාව හැදුවේ ජනප්‍රිය කළේ මාධ්‍ය නේ කියල.. මාලිංග පිළිතුරක් දෙනවා එහෙනම් මාලිංග ල දහයක් හදන්න තිබ්බනේ කියල.

මාලිංග කියන්නේ කොව් ල බෝලේ දාන විදිහ කිව්වට බෝලේ දාන්නේ මම කියල.

ඇත්තටම ත් ජනමාධ්‍ය කොහෙද මාලිංග ජනප්‍රිය කරන්නේ .. මාලිංග දක්ෂ නැත්නම් මාලිංග ටත් වෙන්නේ අර සිරස සුපර් සටාර් කරපු අජිත් ට වුණු වැඩේ.

මාලිංග දක්ෂ නිසා මාලිංග පස්සේ මාධ්‍ය යනවා එච්චරයි.

ඔය පට්ට ආදරෙයි කියන ප්‍රේක්ෂකයෝ , නැත්නම් ලංකාවේ ජනතාව කියන අයත් එමම තමයි .. මැච් එකක් දෙකක් මාලිංග ෆේල් වුණානම් ඔය මාලිංග ගැන හොටු පෙරණ කටවල් වලින්ම තමයි කියන්නේ අපෝ පලයන් යන එක ලොකු දෙයක් කියල.

අන්තිමටත් මාලිංග මරු වැඩක් කරනවා . මාලිංග මාධ්‍ය වලට නිකං දුරකථන ඇමතුමක් දුන්නනම් ඔය නිවුස් එක ගන්න පන්නගෙන යන්නේ. ඒ ත් ඔහු ඒ ක බොරු ෂෝ නැතුව බිරිඳගේ ෆේස් බුක් ගිණුමෙන් ඇවිත් කියන්නේ මට ෆේස් බුක් නැහැ .. මේ බිරිඳගේ එකවුන්ට් එක ලයිව් එන්නේ කියල..

ලසිත් මාලිංග.. වෙනස් එකෙක්.. ඒකෙ කොලටිම එක තමයි ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන ය කරන මැදිහත් වීම ගැන තිබුණු බරපතළ විවේචනය. එහෙත් අවුරුදු දහසයක් මාලිංග ව කපල දාල ඔහුගේ ක්‍රිකට් ජීවිතේ අවසන් කරන්න ලංකාවේ ගඳ දේශපාලනයට බැරි වුණේ මාලිංග ඔවුන්ට ඒ කට පොඩි ඉඩක්වත් දුන්නේ නැහැ.

ඔහු කියපු දේ අවසන් මොහොතේත් ඔප්පු කරලා මාධ්‍ය ඔහුගේ පොඩි පණිවිඩේ පුවතක් කරනවා .. යු ටියුබ් චැනල් පවා තමන්ගේ චැනල් වල දාගෙන ලක්ෂ ගණන් වීව්ස් ගන්නවා..

ඔහොම දේවල් ඔක්කොම වෙන රටේ මාලිංග හෙට දවසේ වෙන රටකට සෙල්ලම් කළොත් මේ තියෙන ලංකාවේ ප්‍රේක්ෂක ප්‍රේමයත් එදාට බලා ගන්න පුළුවන්.

මාලිංග ලංකාවේ ක්‍රිකට්, ඔබේ කාලය තුළ ගොඩ දාන්න බැහැ කියල අදහසක් ඇති .. එහෙනම් ලෝකයේ වෙන රටකට සෙල්ලම් කරන්න .. ලෝකයේ ක්‍රිකට් වලට ආස මිනිස්සු ඔබේ ක්‍රිකට් බලන්න ආස ඇති ..

ජයවේවා ..
(උපුටා ගැනිමකි)