( 10.30 am ) පහුගිය දිනවල විවිධ කාරණා සම්බන්ධයෙන් මිගමුවේ දේශපාලන කව අතරද කථා බහට ලක්වු මිගමුවේ ව්‍යාපාරිකයෙකු පසුගියදා අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කරමින් කියා තිබුනේ තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙසය.
මේ අත්අඩංගුවට නොගැනිමට මේ මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක බවද වාර්තා වේ
දැනට විදේශ ගමන් තහනම්ද මේ ව්‍යාපාරිකයාට අදාලව ක්‍රියාත්මකය
මිගමුවේ බට් වාහන සම්බන්ධයෙන් කුප්‍රකට චරිත අතර ප්‍රධානියෙකු ලෙසින් හැදින්වෙන මේ ව්‍යාපාරිකයා වසර 2004 දි පමණ සිය ව්‍යාපාර කටයුතු සදහා මුදල් පොලියට පවා ගෙන කටයුතු කළ අයෙකු ලෙසින් ඔහු ගැන දන්නා අය කියා සිටිති.
එහෙත් දේශපාලන සම්බන්ධකම් ඔස්සේ ඔහු මේ වන විට ඔහු ධනකුවේරයෙකු බවට පත්ව තිබේ.
මේ ඇතැම් දේපලවල හිමිකාරිත්වය පවා ලංකාවේ දුෂිතම දේශපාලකයන්ගේ බවටද කථා බහක් පවති.
කෙසේ වෙතත් මිගමුවේ පොලිස් ලොක්කෝ මේ කුප්‍රකට ව්‍යාපාරිකයාට අදාල ව හොර පොලිස් සෙල්ලම් කළ බවට චෝදනාවක්ද පවති.
ඒ මේ ඇතැම් ලොක්කන්ට අතදිගැහැර මෙවැනි ව්‍යපාරිකයන් විවිධ සංග්රයන් කර තිබෙන බැවින් විය යුතුය.