මාස 05ක් ඇතුලත ඩෙංගු මරණ 5 ක් වෙන්නප්පුවෙන්

0
63

2012 නොවැම්බර් 05 වනදා ඩෙංගු උණ වැළදීම නිසා වෙන්නප්පුව ප්‍රදේශයේ කාන්තාවක් මිය ගියේය.
ඒ වෙන්නප්පුව මාර්ටින් පෝරස් විදුහල ආසන්නයේ ජීවත් වූ කාන්තාවකි.පසුගිය මාස 5 ක් අතුලත වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්ථා වු 5  වන මරණය බවට මෙය පත්ව තිබේ.

මේ මිය ගිය කාන්තාව මෙන්ම  ඇගේ පුතුටත්  ෙඩංගු වැළදී ඇති මේ දෙදෙනාම මාරවිල රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ.තත්වය අසාධ්‍ය විමෙන් පසු  මෙම කාන්තාව කොළඹට මාරුකර යවා ඇතත්  අසාධ්‍ය තත්ත්වයේ පසුවී ඇති බැවින් ඇගේ ජිවිතය බේරාගැනිමට  නොහැකි වි ඇත.

මේ  අනුව වෙන්නප්පු ව ප්‍රදේශයේ තත්වය බරපතල වෙමින් තිබේ.

මේ පිළිබදව අප වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමියගෙන් විමසා දැනගැනිමට උත්සාහ කළ ද ඇය පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් මාදම්පේ පිහිටි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යලයෙන් ලබා ගන්නා ලෙසය.

වෙන්නප්පුව ජෝශප් විදුහලේ 9 වන ශ්‍රෙණියේ ඉගෙනුම ලැබූ හාල්දඩුවන ජීවත් වු ඇන්ටනි මහේෂ් ප්‍රනාන්දු සිසුවාද ඩෙංගු රෝගය වැළදිමෙන් ඔක්තෝබර් 24 දින මීගමුව රෝහලේදි මිය ගොස් තිබුණි.
2012 වසරේ මැයි මාසයෙන් ආරම්භ වූ ඩෙංගු ව්‍යාප්තිය පසුගිය ඔක්තෝබර් මාසය වනතෙක් වර්ධනය වීමේ අවධානමක් වෙන්නප්පුව එම් ඔ එච් කලාපය තුළ වර්ධනය වෙමින් තිබේ. මේ හේතුවෙන්  කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි ළමුන් දෙදෙනෙක් මිය ගොස් ඇත.

මීගමුව රෝහල වාර්තා අනුව ඔක්තෝම්බර් මාසයේදී වෙන්නප්පුවනේ පැමිණ ප්‍රතිකාර ගත් රෝගීන් සංඛ්‍යාව 35කි. නොවැම්බර් 01 වනදා සිට 05 දක්වා රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත. වෙනත් පුද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ගත් පුද්ගලයින් ද සිටිති. පසුගිය කාලයේ ඩෙංගු වර්ධනයවීමේ අවධානමක් සිරිගම්පල කොලණිය හෙවත් බට්ටා කොලණීය ප්‍රදේශයෙන් වාර්තා වි ඇත.