මාස 3ක් පඩි නැති ඩිපෝ සේවකයන්ට ඇමති රු 5000ක් දීලා…

0
44

මීගමුව ඩිපෝවේ පැවති ුඅර්බුදය හමුවේ තෙමසක් පඩිනැතිව සිටි සේවකයන් හට පසුගිය දිනක අැමති සරත් ගුණරත්න පැමිණ පොරොන්දුවක් දුන්නේය.
ඒ කම්කරුවන් එතෙක් කරමින් සිටි වැඩවර්ජනය නවතන ලෙසත් හිඟ වැටුප් ලබාදිමට පියවර ගන්නා බවත්ය.
තමන් පෙළන ප්‍රශ්ණය ඇමති ගුණරත්නට පමණක් විසදිය හැකි ප්‍රශ්ණයක් නොවන බව තේරුම්ගත් කම්කරුවෝ ඩිපෝවේදි පවසා තිබුනේ ධීවරයන්ට සහනාධාර දෙන්නට බැරිව ආමාරුවේ වැටි සිටින ගුණරත්න ඇමතිවරයා තමන්ගේ පඩි ගෙවන්නේ කෙසේද යනුවෙනි.
කම්කරුවන්ගේ තක්සේරුව දැන් නිවරදි වි ඇත.
තෙමසක් තිස්සේ පඩි නැතිව සිටි කම්කරුවන් හට ඊයේ ලැබි තිබුනේ ජුලි 10 තෙක් දින තැබු චෙක් පතකි. ලක්ෂ 24 ක මුදලක් එහි විය. කම්කරුවන් ගණනින් එය බෙදු විට එක් අයෙකු හට ලැබිමට නියමිතව තිබුනේ රු 5000 කි.
එය පවා ලැබෙන්නේ ජුලි 10 න් පසුවය.
මෙයට විරෝධය පළකරමින් කම්කරුවන් යළිත් වැඩ වර්ජනයක නිරතවිමට තින්දු කළෝය.
වර්ධනය විය හැකි තත්වය සමනය කිරිම සදහා කෙසේ හෝ අද මේ රු 5000 මුදලින් ලබා දි ඇතැයි වාර්ථාවේ.depo 2