මාස 3 කට කලින් ඉතාලියෙන් දාපු බඩු අදවත් (සැප් 27 ) ලැබෙයිද ?

0
110

containersපසුගිය ජුනි මස 28 වෙනිදා ඉතාලියේ බ්‍රෙෂියා නගරයෙන් අදාල ඒජන්තවරුන් වෙත ලබාදුන් බඩු තෙමසක් ගතවෙමින් තිබුණද තවමත් ලැබි නැතැයි බඩු ලැබෙන තෙක් බලා සිටින ජනයා පවසති.
මේ ඇතැමෙක් සිය නිවාඩුව සදහා ලංකාවට පැමිණිමට පෙර බඩු ඒවා ඇත්තේ ඔවුන් ලංකාවේ වෙසෙන මාසයක පමණ කාලය තුල එකි ඇතැම් අවැසිතා සදහා වු දේවල්ද ප්‍රයෝජනයට ගැනිමට බලාගෙනය . එහෙත් මේ සිදුව තිබුණ ප්‍රමාදය තුල නිවාඩුව නිමවි දැන් මේ බොහෝ දෙනෙක් යළිත් ඉතාලිය බලා පිටත්ව ගොසිනි.
මේ පමාව නැවේ ප්‍රශ්ණයක්ද නැතිනම් ඒවා ඒවිමේ කටයුතු සම්බන්ධිකරණය කරන ලද ආදල ඒජනත්වරුන්ගේ ප්‍රශ්ණයක් දැයි සංවාදයක් කලක සිට මතුව තිබේ.
මේ පිළිබදව ප්‍රශ්ණය වඩාත් අවුල් සහගත වි තිබුනේ අදාල ඒජන්තවරුන්ගෙන් මේ ගැන විමසා සිටින අවස්ථවලදි ඒ ගැන පැහැදිලි කිරිමක්වත් කරගැනිමට ඔවුන් දුරකථනවලට පිළිතුරු දිම පවා මහගහැර සිටිමය.
කෙසේ වෙතත් මේ ගැන අප විසින් කරන්නට යෙදුන යම් හෙළිදරව් කිරිම් වලින් පසුව ලංකාවේ සිටින ඇතැම් නියෝජිතයන් දුරකථන වලට පිළිතුරු දෙන්නට පටන් ගෙන තිබේ.( දැන් එය වඩාත් පෙරට යමින් පිලිතුරු පමණක් නොව කුණුහරුප පවා කියන්නට පටන් ගෙන තිබේ.)
කෙසේ වෙතත් දැනගන්නට ලැබෙන ආකාරයට මේ බඩු පෙට්ටි අද දිනයේ ලැබිමට බොහෝ දුරට නියමිතව තිබේ.
මේ අතර අදාල පෙට්ටිවලින් බඩු අස්ථානගතවිම ගැන දැන් එකිනෙකාට ඇගිල්ල දිගුකරගනිමින් කරනු ලබන චෝදනා ගැනද පුළුල් හෙළිදරව්වක් ලගදිම සිදුකිරිමට නියමිතව තිබේ.
එහිදි මේ සියල්ල පිටුපස සිටින ලොක්කන් මෙන්ම සොක්කන්ද දැනගැනිමට හැකිවනු ඇත.