මාස 3 න් ඩෙංගු මඩින මෙගා වැඩේට සල්ලි ලංසාගෙන්ද ? බදුගෙවන ජනයාගෙන්ද?

0
83

Dalupthoa 105මීගමුවේ ඩෙංගු වසංගත තත්වය මාස 3 න් මැඩිම සදහා මෙගා වැඩ සටහනක් නියෝජ්‍ය ඇමති නිමල් ලංසා විසින් සැලැසුම් කර ඇති බව ඔහුගේ මුහුණු පොතේ ඇති සටහන් කිපයකමත් දක්වා ඇත.nimal lansa FB
මෙම වැඩසටහන පසුගිය දිනක දළුපත දේවස්ථානය අසල පැවැති උත්සවයකින් පසුව ඇරඹිණි.
මෙහි එක් අංගයක් ලෙස විශාල පිරිසකගෙන් යුත් දුමායන සේවක කණ්ඩායමක්ද ඒ සදහා අළුතින් නිල ඇදුම් සහ දුමායන යන්ත්‍ර පමණක් නොව සේවකයන් දුමායන කටයුතු වල නියැලෙන විට ගිත ඇසිම සදහා හේඩ් ෆෝන්ද සපයා දි තිබුණි
දැනට ගණන් බලා ඇති අන්දමට තෙමසක් සදහා දුමායන කටයුතු වලට පමණක් රුපියල් ලක්ෂ 300 ක් වැය වන බවද සැලය.
දැන් මෙහිදි මතුවෙන ගැටළුව වන්නේ මේ සමස්ථ වැඩපිළිවෙළ සදහා දරන්නට වන මුළු මුදල සපයනු ලබන්නේ කව්රුන් විසින්ද යනුවෙනි.
අද දිනයේ ( 2017/07/07) අපට වාර්ථා වු අන්දමට නියෝජ්‍ය ඇමති නිමල් ලංසා විසින් මහනගර සභාවේ අදායම් නිළධාරින්ගේ මාර්ගයෙන් මීගමුවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් සහ සංවාරක හෝටල් හිමියන්ද කැදවා තිබුනු බවකි.
nimal lansa FB2
මෙම හමුවේදි සිදුව ඇත්තේ මාස 3 නේ ඩෙංගු මැඩිමේ මෙගා වැඩේ කරගෙන යාම සදහා මුදල් ඉල්ලා සිටිමය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
සෞඛ්‍ය සම්පන්න නගරයක් පවත්වාගෙන යැම වෙනුවෙන් දශකයකටත් වඩා වැඩි කාලයක් ලංසා පවුලේ පාලනයට නතුව තිබුණ නගර සභාවට බදු ගෙවා  ඉන්පසුව නාගරික කොමසාරිස් පාලනයට නතු වු නගර පාලනයත් නඩත්තු කිරිම සදහා යළිත් කෝටි ගණන් වලින් මුදල් ලබාදෙන ලෙසය.
තෙමසක් ඇතුලත රුපියල් කෝටි ගණනක් වැය කර ඩෙංගු මඩින්න යන වැඩපිළිවෙල යනු පළමුව මුදුරු මර්ධනය දෙවනුව මං ගොඩයාමය.
ඇමති නිමල් ලංසා මේ මාස 3 නේ මෙගා වැඩේ සදහා තමන් හම්බකරගත් කෝටි ප්‍රකෝටි මුදලින් ලක්ෂ 500 ක්  වැය කරන්නට සුදානම් නම් එවිට එය ඔහුගේ එකක් යැයි කියා සිටිමට යම් හෝ ඉඩක් පැදෙනු ඇත.එහෙත් ඔහු කිසිවිටකත් එසේ කියා නැත.
එහෙත් එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලිමට සුදානමින් සිටි  ඇතැම් කුප්‍රකට ව්‍යාපාරිකයන් දැනටමත් නගරය තුල බැනර් ප්‍රදර්ශනය කරමින් කියන්නට යන්නේ මිගමුවේ ඩෙංගු මඩින්නට ඉදිරිපත් වු ලංසාට සුභ පතන බවය
මේ ගොන්නු හැරෙන්නේ පොල් පැලය කන්නට බව මිගමුවේ ජනයා තේරුම් ගත යුතුව තිබේ.
පසුගිය රාජපක්ෂ පාලනය තුල ලංසාලගේ කෙරුවාවල් ගැන වගේ වගක් නැතිව සිටි  බහුතරයක් මිගමුවේ මෝඩ ජනයා කියා සිටියේ හොරකම් කරත් වැඩක් කරා යැයි කියාය.
රාජපක්ෂ පාලනයේ අතිබහුතරයක් දේශපාලකයන් ඇත්තටතම මේ මහජනයා කළාය යැයි කියන වැඩ කලේ හොරකම් කිරිම සදහාය.
තිත්ත වුවත් ඇත්ත එයයි.
මීගමුව බස් නැවැතුම හැදුවේ කඩහදන්නට මිස බස් නවත්තන්ට නොවේ. එහි බස් නැවැත්විම යනු කඩ හැදු පසු ඉතිරිවන ඉඩේ බස් නැවැත්විමටද කටයුතු සලසා ලිමය.
තිත්ත වුවත් ඇත්ත එයයි.
මීගමුවේ දැන් සිදුවෙමින් ඇත්තේ කුමක්ද යන්න මීගමුවට ඇත්තටම ආදරය කරන ජනයා විසින් ඉතා කල්පනාවෙන් විමසා බැලිය යුතුය.
නිමල් ලංසා යනු පැවැති රාජපක්ෂ පාලන සමයේ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් හම්බ කොට දැන් පවුල් පිටින් ඕස්ට්‍රෙලියාවේ පදිංවිව සිටින අයෙකි.මීගමුවේ ඩෙංගු පිමි පණිමින් වසංගත තත්වයකට පත්වෙද්දි මිගමුවෙන් වසන් වි සිටි ඇමති ලංසා හදිසිසේම නින්දෙන් ඇහැරුණාක් මෙන් පැමිණ අනුන්ගේ සල්ලිවලින් වැඩකට මුල පුරා තිබේ.දැන් මේ මෙගා වැඩේ ගෙනයාම සදහා මිගමුවේ ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ඉල්ලා සිටින බව කියැවේ
මේ වැඩසටහන එහෙම පිටින්ම දේශපාලන ව්‍යාපෘතියක් බව පැවැති සමාරම්භක උත්සවය තුලින්ද මොනවට පැහැදිලි වු බව එහි ගොස් සිටි ගදසුවද දැනෙන සැමට ඉව වැටි තිබුණි.
මීගමුවේ ඩෙංගු මර්ධනය කළ යුතුය.
එහි කථා දෙකක් නැත.
මාධ්‍ය කණ්ඩායමක් ලෙස අපත් තවත් බොහෝ දෙනෙකුත් එයට මුලපුරා තිබුණි.
එහෙත් එය මාස 3න් කින් මුළු නගර සභාවත් අර්බුදයට යවා කඩේ වහන එකක් නොවිය යුතුය.
එය ඇත්තටම දිගටම පවතින එසේ පැවැතිය හැකි එකක් විය යුතුය.
ගම්මට්ටමින් යන වැඩපිළිවෙලක් පුරවැසියන්ගේ දායකත්වයෙන් ගොඩනැගිය යුතුව තිබේ.
දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද එයට සහය දැක්විය යුතුය.
එසේ වුවහොත් පමණක් එය පවතින එකක් වනු ඇත.
පසුගිය දිනවල පැවැති කිසිදු ඩෙංගු මෙහෙයුමක් සදහා හෝ අඩුම තරමින් සමාරම්භක උත්සවයටවත් නිමල් ලංසාගේ සොහොයුරු දායන් ලංසා කැදවා නොතිබිමද විශේෂයකි.
දැනට ඇමති ලංසාගේ පළමු උත්සාහය වනුයේ රුපියල් කෝටි ගණන්වලින් බඩු බෙදා හෝ ගොඩදාගන්නට බැරිව ගිය තම ප්‍රතිරුපය ඩෙංගු මදුරුවාගෙන් හෝ ගොඩදා ගැනිමය.
එහි දෙවන පියවරෙදි ඔහු මේ සියල්ලේ ප්‍රතිලාභ සිය මලයාව නගරාධිපති කිරිමේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් බැරකරනු ඇත.
කව්රුන් පිළිගන්නට අකැමැති වුවත් ඇත්ත තත්වය මෙයයි.
තවත් එක් කරුණක් මෙහිලා සටහන් කළ යුතුව තිබේ.
එනම් නියෝජ්‍ය ඇමති නිමල් ලංසා විසින් කියන්නට යෙදි තිබුනේ මේ වැඩසටහන සදහා තමන්ව මහඇමතිවරයා විසින් විශේෂ නියෝජිතයෙකු ලෙසින් පත්කර ඇති බවකි.
එහෙත් ඇත්ත තත්වය නම් මහඇමතිවරයා විසින් මිගමුවේ අනෙකුත් පළාත් සභා මන්ත්‍රිවරුන්ද මේ අකාරයෙන්ම මේ කටයුත්ත සදහා පත්කර ඇති බවයි.
එනම් රොයිස් විජිත සහ එම්.සකාවුල්ලා යන පළාත් සභා මන්ත්‍රිවරුන්ය.|
කවදත් හුලං අත බලා රුවල් දාගන්න බලන ලංසාලාගේ වැඩ ගැන මීගමුවේ ජනයා තමන්ගේ තෙවැනි ඇසින් බලා තින්දු ගත යුතුව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here