මාස 4 ක් ඇතුළත මීගමුවේ තට්ටු ගොඩනැගිලි 2 ක් කඩන් වැටේ !(ඡායා)

0
84
NGB building issue 1
මිගමුව නගර මධ්‍යයේ කඩන් වැටුන තවත් ගොඩනැගිල්ලක්

canal v 1canal v 9canal v 5මේ වසර තුල මීගමුවේ ඉදිකරමින් තිබුණ තට්ටු ගොඩනැගිලි 2 කක් කඩන් වැටිම ඉදිකිරිම් ක්ෂේත්‍රයේ බරපතල ගැටළුවක්ව තිබේ.
මේ සදහා ප්‍රධාන චෝදනා මේ වන විට එල්ල වි ඇත්තේ නිසි ප්‍රමිතියකින් තොරව තාක්ෂණික අනුමැතිය ලබාදිමට මීගමුව මහනගර සභාවේ අදාල වගකිව යුතු නිළධාරින් කටයුතු කිරිම බවය.
අද දවල් මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ කැනැල් විව් නැමැති හෝටලයේ ඉදිකිරිමට අදාලව ද නිසි අනුමැතින් ගෙන ඇතිද යන්න ගැන ගැටළු රැසක් මතුව ඇති බව තතු දන්නෝ පවසති.
පසුගිය අප්‍රේල් මාසයේ මීගමුව නගර මධ්‍යයේ කඩන් වැටුන ගොඩනැගිල්ල පිළිබදව අප විසින් ලියන්නට යෙදුන පුවත් සටහන් වලදි අප විසින් අවධාරණය කර සිටියේ ඉදිරියේදිත් මෙසේ ගොඩනැගිලි කඩන් වැටිමට නියමිත බවය. එයට හේතුව වන්නේ මෙම ඉදිකිරිම් පගාවට අනුමත කරන නිළධාරින් බව මීගමුවට පමණක් නොව දැන් රටටද නොරහසකි.
පැවැති රාජපක්ෂ පාලනයේ සහ ලංසා පවුල් පාලනයේ අස්වැන්න මේ අකාරයෙන්  දැන් මීගමුත් රටත් ලෝකයත් අත්දකින්නට පටන් ගෙන තිබේ.canal v7