මාළු මිළ ඉහලට ,එළවළු මිළ පහලට…

0
42

මේ දිනවල මිගමුවේ මාළු ලෙල්ලම් වලටද ප්‍රමාණවත් මාළු තොග නෙැලැබිම නිසා මිළ ගණන් පවතින්නේද ඉහල මිළකය.

වෙනදා රු 400ක් තරම් පහලට ලින්නා කිලෝවක මේ දිනවල මිළ  පවතින්නේ රු 600කටත් වඩා ඉහලිනි.එමෙන්ම මිට සති දෙකකට පමණ ඉහතදි රු 300ක් වු පරා පැටව් කිලෝවක් අද රු 500කි.

හුරුල්ලා මසුන් අද දිනයේද.එතරම් දකින්නට නැත.මිළ රු 800කටත් වඩා වැඩිය.

සාලයා මසුන් පවා මිළ ඉහලට ගොස් ඇත. මේ දිනවල සාලය තොග ලෙල්ලමට පැමිණ ඇත්තේද සුළු වශයෙන් බවත් කිලෝවක මිළ රු 300 කටත් වඩා ඉහල අගයක පැවති බවත් වාර්තා වේ .


මේ අතර ඉහල යමින් ඇති මාලු මිළට සාපෙක්ෂව එළවළු මිල පහත බැස ඇත. මිගමුවේ මහා මාර්ග අසල අලෙවි වන බොහෝ එළවලු වල  කිලෝවක මිළ රු 200 ක් පමණ වේ.

එමෙන්ම මේ වන විට සුපිරි වෙළද සැල් වලද ඇතැම් එළවළු වර්ග වල මිළ ගණන් පහත මට්ටමක පවති.
කැරට් සහ වම්බටු කිලෝවක් රු 140 කටද බිට් කිලෝවක් රු 100 කටද අලෙවි කරන බව කාර්ගිල්ස් ෆුඩ්සිටි ෆේස්බුක් පිටුවේ සදහන්ය