මාළු ලේ පාරට දාපු කටුනායක ආයතනයට නඩු ??

0
69

fish 2කොළඹ හලාවත මාර්ගයේ කටුනායක නායක පාරට නුදුරින් පිහිටා ඇති මතස්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් නිසා මුළු ප්‍රදේශයම නිරන්තරයෙන්ම දුගද හමන තත්වයක් ඇතිව තිබේ.    මේ ආයතනය මෙවන් ස්ථානයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් ඊට අදාල කිසිදු  නීත්‍යානුකූල අවසරයක් හෝ ලබාගෙන නැතැයි වාර්ථා වන අතර මින්  ඉවත් කෙරෙන මාළු අපද්‍රව්‍ය කෙලින් පාරේ කානුවට මුදාහැරිම නිසා පාරිසරික ප්‍රශ්ණයක් මතුව තිබේ.
අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය නිළධාරිවරයා වු ජයවිර මහතාගෙන් අප කළ විමසුමකදි ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් තමන් වෙත නම් ලැබි නැති බවය.
කෙසේ වෙතත් කටුනායක සිදුව නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක කුලතිලක මහතා පවසා සිටියේ තමන් විසින් ඒ ස්ථානය පරික්ෂා කළ බවත් කිසිදු පාරිසරික හෝ සනිපාරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැති බවත්ය.එමෙන්ම මාළු ලේ කෙලින්ම මහපාරේ කානුවට මුදා හැරෙන බවය.
මේ අනුව තවදුරටත් මෙම ස්ථානයේ මේ කටයුත්ත කරගෙන යන්නේ නම් අදාල මාළු ලේ සහ අපද්‍රව්‍ය ඉවත් කිරිම සදහා නිසි ලෙස සකස් කරන ලද වලක් ඒ වෙනුවෙන් ම සැකසිය  යුත බවත් එසේ නොකරන්නේ නම්  අප්‍රේල් 24 වෙනිදායින් පසුව නඩු දැමිමට සිදුවන බවත් මෙම ආයතනයේ පාලනාධිකාරය වෙත තමන් දැනුම් දුන් බව කුලතිලක මහතා පවසා සිටියේය.
මේ අතර ප්‍රදේශවාසින් පවසා සිටින්නේ කටුනායක සිදුව නගර සභාවේ සභාපතිවරයාගේ නිවස පිහිටා ඇත්තේද මේ ස්ථානයට මිටර් 200 කින් දුරින් වුවත් එතුමන් හට මේ දුගද නොදැන්නේ ඇයිදැයි ප්‍රශ්ණයක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here