මා ඔයෙන් අනවසරයෙන් වැලි ගොඩදැමූ පිරිසක් අත්අඩංගුවට.

0
126

යෝගියාන ප්‍රදේශයේ මාඔය ඉවුරේ නීති විරෝධි ලෙස අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් හා ඔවුන් පැමිණි වාහන හා වැලි තොගයක් සැකපිට ඊයේ 21 සවස අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දන්කොටුව ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි. පොලිස් දුෂණ මර්දන අංශයේ නිළධාරින්ට ලැබුණ තොරතුරක් මත මා ඔයේ ඉවුරේ මාඔයට විශාල හානියක් කරමින් වැලි ගොඩදාමින් සිටියදි සිදුකල මෙම වැටලීමේදි සැකකරුවන් මා ඔයට පැන පිහිනා පැනගොස් සිටියත් පසුව සිදුකල පරික්ෂණයකින් අනතුරුව සැකපිට පුද්ගලයන් තිදෙනෙක්ව අත් අඩංගුවට ගත්බව පොලිසිය කීය.

එම ස්ථානයේ තිබි ත්‍රි රෝද රථයක් යතුරුපැදි 2 ක් හා බෝට්ටුවක් සමග ගොඩදාන ලද වැලි කියුබ් 5 ක පමණ ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන තිබේ. ඉතා සංවිධානාත්මකව මෙම නීති විරෝධි පරිසර විනාශය කරගෙන ගොස් ඇති බවත් මා ඔයට පිවිසෙන මාර්ගය දෙපස ඔත්තු කරුවන් දමා මෙම මෙම ජාවාරම කරගෙන ගියත් ඔවුන්ව මගහැර පොලිස් නිළධාරින් මෙම වැටලීම කල බව පොලිසිය කීය. වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රීය ජයතිලක මහතාගේ අධික්ෂණයෙන් දන්කොටුව පොලිස් ස්ථානාධිපති එච්. එල්. දුශ්මන්ත මහතාගේ උපදෙස් මත පොලිස් දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයතුංග සැරයන් 50421 සේරම් කොස්තාපල් 65060 සුමිත්‍රනන්ද 58696 ලක්ෂ්මන් 34498 ලීලාරත්න යන නිළධාරින් මෙම වැටලීම කර තිබේ සැකකරුවන් හා වාහන හා වැලි තොගය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

14358876_1301759803200083_2883735784447985339_n