මා ඔය පිටාර ගැලීම නිසා කොච්චිකඩේ මුරුතෑන ප්‍රදේශයට ගංවතුර තත්වයක්.

0
659
 flood 3 ඊයේ (2014/12/26) උදෑසන සිට මා ඔයේ ජල මට්ටම වැඩිවී ඇති බව දක්නට ලැබිනි.අධික වර්ෂාව හා රට මැද පලාත් වලට ඇතිවී ඇති ගංවතුර තත්වය හේතුවෙන් මෙම තත්වය ඇති වී ඇති බව වාර්තා වේ.
අධික වේගයකින් ගලායන මෙම ජල ප්‍රවාහය නිසා මීගමුව හරහා යන හැමිල්ටන් ඇළෙහි ජල මට්ටමත් වැඩිවී ඇත.
  අද උදෑසනම මුරුතෑන ප්‍රදේශයට ගංවතුර තත්වයක් ඇති ව තිබේ.මුරුතෑන යනු නිරන්තරයෙන් ඉවුරු ඛාදනයට ලක්වන ප්‍රදේශයකි.විශේෂයෙන්ම ඉවක් බවක් නොමැතිව වැලිකැපිම් සිදුකර තිබෙන නිසා මේ ප්‍රදේශයේ තත්වය මෙවන් ගංවතුරකදි අතිශය භායනක විය හැක.
මා ඔය පිටාර ගැලීම නිසා කොච්චිකඩේ පාළමේ සිට මුරුතෑන දෙසට යන ප්‍රධාන මාර්ගය යට වී ඇත. ඒ අවට නිවෙස් වලටද ජල ගැලීමක් සිදු වී ඇත. මේ වන විට ජල මට්ටම අඩු වී ඇතැයි වාර්තා වේ.