මැක්ස්ගේ ඝාතකයා තවමත් නිදැල්ලේ ??

0
299

2020 වර්ෂයේ මැයි මස 07 වනදා (වෙසක් පෙහෝ දින)  සත්ව කරුණාව ඇත්තවුන්ගේ හදවත් කම්පා කරමින් වෙඩි තබා ඝාතනය කළ මැක්ස් නම් සුනඛ මිතුරාට මෙතෙක් යුක්තිය ඉටු නොවීමේ හේතුව කුමක්දැයි කිසිවෙකුගේ මතකයට නොආවා නම් ඒයට හේතුව ඒම සිදුවිම ආසන්නයේ සියලූම නාලිකා, පුවත්පත් වල පුවත් මැවුුන තරම්ට තරම් උණුසුුුම් පුවතක් බවට පත්වූ මෙම සිදුවීම ඒතැනින් යටපත්වීමයි. මේ පිලිබඳව මාධ්‍යට ද අමතකවිමට තරම් මේ රටේ කරුණු කාරනා බොහෝමයක් නැතිවා නොවේ. ‌නමුත් දහස් සංඛ්‍යාත හදවත් ඇති මිනිසුන් මෙම සිදුවිම හමුවේ කම්පවූවා පමණක් නොවේ මිනීමරුවාට  නීතියෙන් දඬුවමක් ලැබේ යැයි ප්‍රාර්ථනා කළා.  සමාජය තුළ අපරාධයක් සිදුවූ විට ඒයට දුවමක් තිබිය යුතු බවත්, දඩුවමක් ලැබිය යුතු බවටත්  ඇති විශ්වාසය විසින් ඒම අපරාධය සම්බන්ධයෙන් මිනිසුන් ඇති වන කම්පනය යම් තරමකට පහව යා හැකියි. නමුත් ඒසේ නොවන විට ඇති වන්නේ රටේ නීති පද්ධතිය පිළිබදව ඇතිවී ඇති  අවිශ්වාසය, ඉච්ඡාබංගත්වය තවදුරටත් අනාගතය දක්වාම පැවතිමයි. මැක්ස්ගේ ඝාතනයට අදාළවද කරුණු පෙළගැසෙන්නේ තවත් සත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අපරාධකරු නීතියේ සිදුරකින් පැනයාමට ඉඩතැබීමටදැයි සාධාරණ සැකයක් මේ වනවිට මතුවේ.

මෙම අපරාධය මීගමුු පෙරියමුල්ලේදී සිදුවන්නේ  මීට වසර තුනකට පමණ පෙරදීය. 2020 මැයි 07 වනදා හිමිදිරි උදෑසන 6.15 ට පමණ  මැක්ස්  වෙඩි තබා ඝාතනය කෙරුනේ  ඔහු ජීවත්වූ පරිසරය වූ පෙරියමුල්ලේලේදිිියි. මැක්ස් ඝාතනය ඒකල ඒතරම් ජනප්‍රිය වන්නට ඒක් ප්‍රධාන හේතුවක් වූයේද මැක්ස්්ගේ ස්වාමියා මේ රටේ ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයෙකු මෙන්ම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නායකයෙකු ලෙස ක්‍රියාකිරීම නිසායි.
බ්‍රිටෝ ප්‍රනාන්දු නම්වූ ඔහු සිය  සුනඛයාගේ ඝාතනය හමුවේ හඩාවැටුනු අයුරු හද කම්පාකරවන සංවේදජනක අවස්ථාවක් විය. ඒම පණිවිඩය දැනගත් වහාම මිපුර මාධ්‍යවේදීන් ඒම ස්ථානයට ගොස් බ්‍රිටෝ ප්‍රනාන්දු සහ ඔහුගේ  පවුලේ අයගෙන් ප්‍රකාශ රැගෙන මාධ්‍ය ආවරණය කළ අතර , මීගමුව පොලීසිය ඒම ස්ථානයට  පැමිණ අදාළ පරීක්ෂණය මෙහෙයවනු ලැබීය. ඒවකට මීගමුව පොලිස් ස්ථානාදිපතිවරයා ව සිටියේ වුඩ්ලර් මහතායි. මැක්ස් ඝාතනය සිදුකළ පුද්ගලයා පොලිස් සේවයේ  විශ්‍රාමික  පොලිස්ම අධිකාරීවරයෙකු වන කලෙමන්ට් ප්‍රනාන්දු නමැත්තෙකි. ඔහු මිගමුව පෙරියමුල්ලේ ශා. අන්තෝනි පාරේ අංක 70 දරණ නිවසේ පදිංචිකරුවෙකි. මෙම ඝාතනය සිදුවන අයුරු පිළිබදව වීඩියෝවක් සාක්ෂිද තිබූ අතර මීගමුව පොලීසිය මැක්ස්ගේ ඝාතනය සදහා යොදාගත් තුවක්කුව සොයාගැනීමට අසමත් විය?

මෙම අපරාධය සිදුකරන ආකාරය පිළිබදව වීඩියෝ සාක්ෂි ද තිබියදීත් මෙම පුද්ගලයාට ඇප ලබාදී තිබීම කිසිසේත් සාධාරණ නොමැති බවත් ඒ සදහා පාවිච්චි කළ අවිය මෙතෙක් සොයාගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මැක්ස් වෙනුවෙන් ඒ්ම කාලය තුළ පෙනීසිටි  නීතිඥ මහතා විසින් මීගමුව පොලීසියට චෝදනා කරන ලදී. ඒ අනුව අධිකරණය විසින් මෙම ඝාතනයේ පරීක්ෂන  සහකාර පොලිස් අධිකාරවරයෙකු යටතේ සිදුකර එම පරීක්ෂණ වාර්තා සියල්ල අධිකරනය වෙත ඉදිරිපත් කරන ලෙස මීගමුව පොලීසියට නියෝග කරන ලදී. මෙම සිදුවීම් සිදුවූයේ 2020 වර්ෂයේ මැයි මාසය හා ඊට ආසන්න කාලසීමාව තුළදීයි.

මැක්ස්ගේ සිරුර සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති අතර මේ වනතෙක් ඒම පරීක්ෂණ වාර්තාව මීගමුව අධිකරණයට යොමුවී ඇති බවට හෝ මැක්ස්ගේ ඝාතන නඩුවේ ඉදිරිය කුමක්දැයි සිතාගැනීමට තරම් සිදුවීමක් පසුගිය වසර දෙක පුරා සිදුවී නොමැත.

මැක්ස්ගේ  ඝාතනය වෙනුවෙන් නිතිමය මැදිහත්වීම් සිදුකරනු ලද්දේ  සත්ව අයිතිවාසිකම් හා සත්ව හිංසනයන් වෙනුවෙන් ක්‍රියාකරන Save the Paw  සංවිධානයයි.