මැක්ස්ගේ ඝාතන පරික්ෂණ ගැන මිගමුව පොලිසියට බරපතල චෝදනා !

0
136

Brito(වීඩියෝ) වෙසක් පෝ දිනයදා (මැයි 07)  මිගමුව පෙරියමුල්ලේ දි වෙඩි තැබිමක් හේතුවෙන් ඝාතනයට ලක්වු මැක්ස් නම් සුරතලා සම්බන්ධයෙන් වු නඩුව අද (18)  මිගමු මහේස්ත්‍රාත් අධිකරණයේදි පැවැත්විණි.  අගතියට පත් පාර්ශවය  වෙනුවෙන් ජනාධිපති නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා  පෙනී සිටින ලදී.  මිගමුව පොලීසිය මේ සම්බන්ධයෙන් කරුණු  දක්වමින් මේ වනතෙක් මැක්ස්ගේ ඝාතනයට සම්බන්ධ කිසිදු සාක්ෂියක් සොයාගැනීමට නොහැකි වු බවත්  මැක්ස්ගේ මරණ පරීක්ෂණ වාර්තාවද අද මේ වනතෙක් පොලීසියට නොලැබුණු බවත්  සදහන් කර ඇත.  එමෙන්ම මැක්ස්ගේ ඝාතනය සම්බන්ධයෙන්  පිත්තල කැබැල්ලක් පමණක් සොයා ගත් බවට ප්‍රකාශ කර තිබේ.
මැක්ස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා මෙම ඝාතනය අවියක් පාවිච්චි කරමින් සිදුකළ ඝාතනයක් බවට වීඩියෝ සාක්ෂි තිබෙන බව  තර්ක කරමින්  අධිකරණයට  ප්‍රකාශ කර ඇත්තේ අපරාධකරු තුවක්කුවක් වැනි ආයුධයක් පාවිච්චි කරන ආකාරය වීඩියෝ දර්ශන වල තිබෙන බවයි.  එබැවින්  මෙම සැකකරුට  ඇප ලබාගැනීම සදහා මීගමුව පොලීසිය ඔහු සිදුකළ අපරාධය වසං කර ඇති බවත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත්කර තිබේ. එබැවින් මෙම ඇප ලබාදීම අහෝසි කරන ලෙසද පැමිනිල්ලේ නීතිඥවරයා විසින් අධිකාරණයෙන් ඉල්ලා ඇත.
දැනට තිබෙන සාක්ෂි පිලිබදව පැමිනිල්ලේ නීතිඥයා ඉදිරිපත්කළ කරුනු සලකා බලමින්  මෙම ඝාතනයට වගකිවයුත්තා ඔහු නොවනවා නම් ඔහුගේ පවුලේ සාමාජිකයින්ද නීතියට ඉදිරිපත් කළ යුතු බව  ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පවසා තිබේ. ඒ අතර   ඝාතන සැකකරුගේ ඇප අවලංගු කිරීම සලකා බැලීම මැයි 26 වන දින සිදුකරන බවට මීගමුව  ප්‍රධාන මහේස්ත්‍රාත් රාජින්ද්‍රා ජයසුරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ. එමෙන්ම මැයි 22 වනදාට මැක්ස් ගේ ඝාතනය සම්බන්ධ සියලූම පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. මැකස් ඝාතන නඩුව සම්බන්ධයෙන් save a paw සංවිධානය පෙනී සිටියි.

අද අධිකරණයේදී පැහැදිලි වී ඇති ප්‍රධාන කරුණක් වී ඇත්තේ  මීගමුව පොලීසිය විසින් මෙම සැකකරුට මැයි 07 වනදා ඇප ලබාගැනීමේදී  මැක්ස්ට වෙඩිතබා ඝාතනය කර ඇති බවට චෝදනා  ගොනුකොට නොමැති බවයි.
එහිදි පැහැදිලිව පෙනිගොස් තිබුනේ මිගමු පොලිසිය ඉතා පැහැදිලිව අධිකරණයද නොමග යැවිමට කටයුතුකර තිබුන බවය. මේ පිළිබදව අදහස් බ්‍රිටෝ ප්‍රනාන්දු  දක්වමින් කියා සිටියේ පසුගිය දිනක මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක තුමන්ව හමුවු අවස්ථාවේ ඔහු මැක්ස් ඝාතනය කිරිමට මුල්වු තුවක්කුව අනිවාර්යයෙන් ගරු අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවය.තමන්ට තරාතිරම් ලොකු නැති බවත් කව්රු කරත් තමා තුවක්කුව අනිවාර්යයෙන් සොයා ගන්නා බවත් කියා තිබුණි.
එහෙත් අද අධිකරණයට පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු කියා සිටියේ පිත්තල  කෑල්ලක් වැනි යමක් පමණක් සොයා ගත් බවය.මේ පිලිබදව අදහස් දක්වමින් බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ  මුලස්ථාන පොලිස් පරික්ෂක  මෙන්ම මිගමුව පොලිසියට තමන් බරපතල චෝදනාවක් එල්ලකර සිටින බවය.පොලිසිය හැසිරෙන ආකාරය අනුව පෙනියන්නේ මැක්ස් තමන්ටම වෙඩි තබාගෙන ඝාතනය කරගෙන ඇතිවා සේ යැයිද කියා සිටියේය.